slc
Home   |    News
මැයි 30, 2022
පානදුර දෙවැනි ජයත් ලබයි

sinhala editor

පානදුර සහ නූගේගොඩ අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පානදුර ලකුණු 25කින් නූගේගොඩ පරදා ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජය අත්කරගත්තේය. මෙම ජයග්‍රහණය පානදුර කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

එක් කණ්ඩායමකට පන්දුවාර 11ක් ලැබෙන පරිදි මේ තරගයේදී පානදුර පිල කඩුලු අටක් දැවී රැස්කළ ලකුණු 90ට පිළීතුරු ලෙස නූගේගොඩ පන්දුවාර 11 අවසානයේ කඩුලු අටක් දැවී රැස් කළේ ලකුණු 65 ක් පමණි.

නූගේගොඩ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම පානදුරට පැවරීය. පානදුර කණ්ඩායමේ ලක්ෂාන් රුද්‍රිගෝ ලකුණු 29ක් ද, තරිඳු කෞෂාල් ලකුණු 14ක් ද, නීමේෂ් විමුක්ති ලකුණු 14ක් ද, තෙයිවේන්දිරම් දිනෝෂාන්  ලකුණු 10ක් ද රැස් කළහ. හොඳම සබඳතාවය වූයේ ලක්ෂාන් රුද්‍රිගෝ සහ තරිඳු කෞෂාල් තෙවන කඩුල්ලට රැස් කළ ලකුණු 19 යි. චමින්ද බණ්ඩාර සහ සහන් නානයක්කාර කඩුලු දෙක බැගින් දවාලූහ.

නූගේගොඩ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ වැඩිම ලකුණු ලභියා වූ රමිත් ලියනආරච්චි පන්දු 16කදී ලකුණු 22ක් ලබා ගත්තේ හතරේ පහරක් සහ හයේ පහරක් ද සමගිනි. රාහුල් ගුණසේකර (12), අභිෂේක් ලියනආරච්චි (09) සහ කෙවින් පෙරේරා (09) සෙසු වැඩිම ලකුණු ලාභීන් ය. රොෂාන් විජේනායක හොඳම පන්දු යැවීම වාර්තා කළේ ලකුණු නවයකට කඩුලු තුනක් දවාලමිනි.

මේ තරගයට අමතරව මෙදින පැවත්වීමට නියමිතව තිබූ කොල්ට්ස් – කැන්ඩි කස්ටම්,නිගම්බු – ටැමිල් යුනියන්,පොලීසිය සෙබස්ටියනයිට්ස් , බී.ආර්.සී. – චිලව් මේරියන්ස් සහ එන්.සී.සී. – රාගම අතර තරග අයහපත් කාලගුණය මත නොපැවැතිවිණ.

ලකුණු පුවරුව

පානදුර පන්දුවාර 11 කදී කඩුලු 8 ට ලකුණු 90 යි – ලක්ෂාන් රුද්‍රිගෝ 29, තරිඳු කෞෂාල් 14, නිමේෂ් විමුක්ති 14, තෙයිවේන්දිරම් දිනෝෂාන් 10, චමින්ද බණ්ඩාර 20/2, සහන් නානායක්කාර 11/2.

නූගේගොඩ පන්දුවාර 11කදී කඩුලු 8ක් දැවී ලකුණු 65 යි – රමිත් ලියනආරච්චි 22, රාහුල් ගුණසේකර 12, අභිෂේක් ලියනආරච්චි 09, කෙවින් පෙරේරා 09, රොෂාන් විජේනායක 9/3, තරිඳු කෞෂාල් 11/2.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest