slc
Home   |    News
ජූනි 18, 2022
ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 68ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින නිලනොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම ලකුණු 68ක ජයක් අද (17) අත්කර ගත්තේය.


තරගයේ අවසාන දිනයේදී ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමට ජය ගැනීමට ලකුණු 317ක ඉලක්කයක් ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම විසින් ලබාදුන්නේය. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම (105) සහ මිනෝද් භානුක (87) සිව්වන කඩුල්ලට ලකුණු 117ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කළත් සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයාම සමඟ සවස තේ පානයෙන් පසුව ලංකා දෙවන ඉනිමද ලකුණු 249කදී නිමාවට පත්විය.

දෙවන ඉනිමේදී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අටදෙනෙකුම දැවීගියත් ලකුණු දයහකට අඩුවෙනි. තරගයේ තෙවන දින නිමවන විට ඕස්ට්‍රේලියා “ඒ” දෙවන ඉනිම සඳහා කඩුලු පහකට ලකුණු 212ක් ලබා සිටි අතර අවසාන දිනය වූ අද (17) ඔවුන් නැවත පන්දුවට පහර නොදී ශ්‍රී ලංකා කණ්ඩායමට 317ක අභියෝගයක් භාරකළේය.


මෙදින උදෑසන සිට දිවා ආහාරය තෙක් ලංකා “ඒ” කණ්ඩායම කඩුලු තුනක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 101කි. පබසර වඩුගේ (02) නායක කමිඳු මෙන්ඩිස් (05) සහ නුවනිඳු ප්‍රනාන්දු (03) යන ප්‍රබල පිතිකරුවන් තිදෙනා ලකුණු 41ක් වනවිට දැවීයාමත් සමඟ ලංකා කණ්ඩායම පත්වූයේ අසීරු තත්ත්වයකටය. එහෙත් දිවා ආහාරය තෙක් හොඳින් පන්දුවට පහරදුන් මිනෝද් භානුක නොදැවී 55ක්ද සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 36ක්ද ලබා සිටියහ.

මුළු ලකුණු 158දී මිනෝද් භානුක ලකුණු 87කට දැවීයාමෙන් පසු සුමින්ද ලක්ෂාන් හැරුණුවිට සෙසු පිතිකරුවන් දැවීගියේ ලකුණු දහය සීමාවටවත් නොපැමිණීමෙනි. සධීර සමරවික්‍රම හුදකලා සටනක නිතරවෙමින් සිටියදී නවවන කඩුල්ල ලෙසට මුළු ලකුණු 238දී දැවීගියේ අගනා ලකුණු 105කටය.


අංක හත පිතිකරු සුමින්ද ලක්ෂාන් පන්දු 39කදී හතරේ තුනක් සමඟ ලකුණු 23ක් ලබාගනිමින් සධීර සමරවික්‍රම සමඟ ලංකා ජයග්‍රහණ වෙනුවෙන් සටන්වදිමින් සිටියදී හයවන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 213ක්ව තිබියදීය.


ඕස්ට්‍රේලියා “ඒ” ප්‍රථම ඉනිම සියල්ල දැවී ලකුණු 379යි – (ජොස් පිලිප් 94, නේදන් මැක් ඇන්ඩෲ 92, ඒරන් හාඩි 62, මාර්ක් ස්ටෙකෙටි 47, දිල්ෂාන් මධුශංඛ 62/4, සුමින්ද ලක්ෂාන් 59/3, ලක්ෂාන් මනසිංහ 113/3)


ශ්‍රී ලංකා “ඒ” ප්‍රථම ඉනිම ලකුණු 274යි – (නුවනිඳු ප්‍රනාන්දු 86, ළහිරු උදාර 50, පබසර වඩුගෙ 30, ලක්ෂාන් මනසිංහ 35, සධීර සමරවික්‍රම 29, ටොඩ් මර්ෆි 67/4, මාර්ක් ස්ටෙකෙටි 51/3යි)

ඕස්ට්‍රේලියා “ඒ” දෙවන ඉනිම කඩුලු 5ට ලකුණු 212යි – (ජොස් පිලිප් 69, නික් මැඩින්සන් 59, මාකස් හැරිස් 32, මැට් රෙන්ෂෝ 32, ලක්ෂිත මනසිංහ 83/2, දිල්ෂාන් මධුශංඛ 43/1යි)


ශ්‍රී ලංකා “ඒ” දෙවන ඉනිම සියල්ල දැවී 249 – සධීර සමරවික්‍රම 105, මිනෝද් භානුක 87, සුමින්ද ලක්ෂාන් 23, ටන්වීර් සංගා 56/4, නේදන් මැක් ඇන්ඩෲ 31/3, ඒරන් හාඩි 35/3)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest