ශ්‍රී ලංකා ʽඒʼ සහ ඕස්ට්‍රේලියා ʽඒʼ කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියා ʽඒʼ සිය ප්‍රථම ඉනිම සඳහා රැස්කළ ලකුණු 379ට පිළිතුරු ලෙස තරගයේ දෙවන දිනය වූ අද (15) සවස තේ පානයෙන් මඳකට පසු අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට ශ්‍රී ලංකා ʽඒʼ කණ්ඩායම කඩුලු 8කට ලකුණු 250 ක් ලබා සිටියේ ය. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම මේ වන විට ප්‍රථම ඉනිමේ කඩුලු දෙකක් ඉතිරිව ලකුණු 129ක් පිටුපසින් සිටියි.
ශ්‍රී ලංකා ʽඒʼ ප්‍රථම ඉනිම අද උදෑසන ආරම්භක කිරීමෙන් පසු පන්දුවාර 15.2ක් වන විට ලකුණු 47කට මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකු දැවී අසීරු තත්ත්වයක පසුවද්දී නුවනිඳු ප්‍රනාන්දු (86) ළහිරු උදාර (50) සධීර සමරවික්‍රම (29) ඉනිම ක්‍රමයෙන් ගොඩ ගැනීමට දායකත්වය දැක්වූහ.
මෙහිදී නුවනිඳු ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම සිව්වන කඩුල්ලට ලකුණු 61 ක්ද පස්වන කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු සහ ළහිරු උදාර 93ක සබඳතාවයක් ද ගොඩනැංවූහ.
ශ්‍රී ලංකා ʽඒʼ කණ්ඩායම අද (15) උදයේ ප්‍රථම ඉනිම ආරම්භ කළ අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පබසර වඩුගේ (30) සහ මිනොද් භානුක (11) මුල් කඩුල්ලට ලකුණු 41ක් ලබා සිටියදී මර්ෆී එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මිනෝද් භානුක දැවී ගියේ ය. 16 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් (00) සහ පබසර වඩුගේ ද (30) දැවී ගිය අතර බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 47කට කඩුලු තුනක් ලෙස අපහසු තත්ත්වයකට මුහුණ දුන්නේය.
දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් ලංකා කණ්ඩායම ලකුණු 131ක් රැස්කළේ තවත් කඩුලු තුනක් දැවීයාමෙන් පසුවය. සධීර සමරවික්‍රම (29) මුළු ලකුණු 108දී සිව්වන කඩුල්ල ලෙස දැවීයාමෙන් පසුව පස්වන කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු සහ ළහිරු උදාර මේ ඉනිමේ හොඳම සබඳතාවය ලෙස ලකුණු 93ක් රැස්කිරීමට සමත්විණි. සිව්වන කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම රැස්කළ ලකුණු සංඛ්‍යාව 61කි.
ශතකය පෙනි පෙනී පන්දුවට පහර දෙමින් සිටි නුවනිඳු ප්‍රනාන්දු පන්දු 140කට මුහුණදී හතරේ 11ක් හා හයේ පහරක් සමඟ ලකුණු 86ක්ද ළහිරු උදාර පන්දු 62කට මුහුණදී හතරේ පහක් සමඟ ලකුණු 50ක්ද සධීර සමරවික්‍රම පන්දු 53කදී හතරේ දෙකක් සමඟ ලකුණු 29ක්ද ලැබූහ. මේ කඩුලු තුනම දැවීගියේ දිවා ආහාරයට සහ සවස තේ පානයට අතරතුරදීය.
ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියල්ල දැවී ලකුණු 379 යි පන්දුවාර – (ජොස් පිලිප් 94, නේදන් මැක්ඇන්ඩෲ 92, ඒරන් හාඩි 62, මාර්ක් ස්ටෙකෙටි 47, ට්‍රෙවිස් හෙඩ් 39, ඩිල්ෂාන් මධුශංඛ 62/4, සුමින්ද ලක්ෂාන් 59/3, ලක්ෂාන් මනසිංහ 115/3)
ශ්‍රී ලංකා ‘ඒ’ ප්‍රථම පන්දුවාර 71 කදී කඩුලු 8 ට ලකුණු 250 යි – (නුවනිඳු ප්‍රනාන්දු 86, ළහිරු උදාර 50, පබසර වඩුගේ 30, සධීර සමරවික්‍රම 29, ලක්ෂිත මනසිංහ නොදැවී 21, ටොඩ් මර්ෆි 52/4, මැතිව් කුනමන් 42/2)