slc
logo
Home   |    News
ජූනි 25, 2022
හන්ට් සහ පියර්සන් ඕස්ට්‍රේලියා පිලට ජය ගෙනෙති

sinhala editor

ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමේ හෙන්රි හන්ට් (107) සහ ජිමි පියර්සන් (නොදැවී128) රැස්කළ ශතකයන් දායක කරගත් ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම සිවිදින නිල නොවන ටෙස්ට් තරගයෙන් අද   කඩුලු පහක බලාපොරත්තු නොවූ ජයක් අත්කර ගැනීමට සමත්විය.

ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමට මේ තරගයෙන් ජය ගැනීමට දෙවන ඉනිමේදී ලකුණු 367ක් අවශ්‍ය වූ අතර ඔවුන් වරක් ලකුණු 69කට ප්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකු දැවී සිටියත් පස්වන සහ හයවන කඩුලු වල සබඳතාවයන් මත ඔවුනට බලාපොරත්තු නොවූ ජයක් අත්විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ අවසාන දිනයේ දී (24) ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමේ පස්වන කඩුල්ලට හෙන්රි හන්ට් සහ ජිමි පියර්සන් ලකුණු 159ක් ද හයවන කඩුල්ලට ජිමි පියර්සන් සහ ඒරන් හාඩි නොදැවී ලකුණු 150ක සබදතාවයක් ද තබාගනිමින් මේ ජයග්‍රහණය වාර්තා කිරීමට මූලික විණි.

ජිමි පියර්සන් පන්දු 189කට මුහුණදී හතරේ හතරක් සමග නොදැවී ලකුණු 128ක්ද හෙන්රි හන්ට් පන්දු 212කදී හතරේ තුනක් සමග ලකුණු 107ක්ද ඒරන් හාඩි පන්දු 94කදී හතරේ හයක් සමග නොදැවී ලකුණු 78ක්ද රැස්කරමින් අද දිනයේ පිතිකරුවන් අතර කැපීපෙනුණි.

පිතිකරුවන් අතර කැපී පෙනුණු හෙන්රි හන්ට් ලකුණක් රැස්කිරීමට පන්දු දෙකක් වැයකරමින් සෙමින් ලකුණු රැස්කර කණ්ඩායම ආරක්ෂා කරගනිමින් පසුව ජයග්‍රහණය කරායාමට පියර්සන්ට හවුල්විණි.

ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමට අවසාන දින තරගයෙන් ජය ලැබීමට ලකුණු 320ක් අවශ්‍ය වූ අතර ඔවුන් පන්දුවාර 83කදී තවත් කඩුලු හතරක් දැවී එම ඉලක්කය කරා පියනැගීය.

ලක්ෂිත මනසිංහ දෙවන ඉනිමේදී ලකුණු 116කට කඩුලු තුනක්ද දිල්ෂාන් මධුශංඛ ලකුණු 53කට කඩුලු දෙකක්ද දවාලූහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා මුල් ඉනිම කඩුලු 9330යි පන්දුවාර 90යි – (නිපුන් ධනංජය 92, ළහිරු උදාර 63, සහන් ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, ස්කොට් බොලන්ඩ් 38/4, මාර්ක් ස්ටෙකෙට් 69/4)

ඕස්ට්‍රේලියා මුල් ඉනිම 254යි පන්දුවාර 74.3යි – (ජිමී පියර්සන් 67, මාකස් හැරිස් 39, මැට් රෙන්ෂෝ 35, හෙන්රි හන්ට් 28, ඒරන් හාඩි 24, ලක්ෂිත මනසිංහ 82/5, දිල්ෂාන් මධුශංඛ 43/3යි)

ශ්‍රී ලංකා දෙවන ඉනිම සියල්ල දැවී 290යි පන්දුවාර 87යි (නිපුන් ධනංජය 77, සහන් ආරච්චිගේ 58, කමිඳු මෙන්ඩිස් 48, සුමින්ද ලක්ෂාන් නොදැවී 30, ලක්ෂිත මනසිංහ 25, ස්කොට් බොලන්ඩ් 51/3, ටන්වීර් සංගා 53/3, ජොන් හොලන්ඩ් 85/2)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම කඩුලු 5 370යි පන්දුවාර 95යි(ජිමී පියර්සන් නොදැවී 128, හෙන්රි හන්ට් 107, ඒරන් හාඩි නොදැවී 78, ලක්ෂිත මනසිංහ 116/3, දිල්ෂාන් මධුශංඛ 52/2)

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා මුල් ඉනිම කඩුලු 9330  (පන්දුවාර 90) – නිපුන් ධනංජය 92,ළහිරු උදාර 63, සහන් ආරච්ිගේ 61,නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, ස්කොට් බොලන්ඩ් 38/4,මාක් ස්ටේකට් 69/4 යි

ඕස්ට්‍රේලියා මුල් ඉනිම 254 යි (පන්දුවාර 74.3 යි) – ජීමී පියර්සන් 67,මාකස් හැරිස් 39,මැට් රෙන්ෂෝ 35,හෙන්රි හන්ට් 28, ඒරන් හාඩි 24,  ලක්ෂිත මනසංහ 82/5 යි,දිල්ෂාන් මධුශංඛ 4383 යි

ශ්‍රී ලංකා ඒ දෙවන ඉනිම සියල්ල දැවී 290 යි (පන්දුවාර 87 යි) – නිපුන් ධනංජය 77,සහන් ආරච්චිගේ 58 , කමිඳු මෙන්ඩිස් 48, සුමින්ද ලක්ෂාන් නොදැවී 30,ලක්ෂිත මනසිංහ 25,ස්කොට් බොලන්ඩ් 51/3 ,ටන්වීර් සංගා 53/3,ජොන් හොලන්ඩ් 85/2

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම කඩුලු 5370 ( පන්දුවාර 95) – ජීමි පියර්සන් නොදැවී 128,හෙන්රි හන්ට් 107 ඒරත් හාඩී නොදැවී 78,ලක්ෂිත මනසිංහ 116/3 ,දිල්ෂාන් මධුශංඛ 52/2

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee