slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2022
වමත් දඟ පන්දු යවන්නෝ වැඩ පෙන්වති

sinhala editor

දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාව නිසා ඇත හැර දැමුණු අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග 4 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එම තරග අතරින් සැරසන්ස් සහ පානදුර අතර තරගය පළමු දිනට පමණක් සීමාවිය.

පැවැති තරග වලදී වමත් දඟ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙණිය, මාලින්ද පුෂ්පකුමාර සහ ප්‍රභාත් ජයසූරිය කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූහ. ඒ.  සී. සී. පිල නියෝජනය කරනු ලබන ලසිත් ඇඹුල්දෙනිය බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 76 කට කඩුලු 7 ක්ද, ලන්කන් පිලට එරෙහි තරගයේදී සී. සී. සී. පිලේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 86 කට කඩුලු 12 ක්ද සහ පොලිසියට එරෙහි තරගයේදී එස්. එස්. සී. පිලේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 86 ට කඩුලු 10 ක් බිඳ හෙළූහ.

සී.සී.සී. ලන්කන් තරගය විසඳුමින් තොරයි

ලන්කන් මුල් ඉනිම 67 (පන්දුවාර 33.3) – (දේවින්ද පත්මනාදන් 16 මාලින්ද පුෂ්පකුමාර 21/8) සහ දෙවැනි ඉනිම කඩුලු 9ට 131 යි – (පන්දුවාර 62) (දේශාන්  ඩයස් 50, කසුන් අබේරත්න 21, මලින්ද පුෂ්පකුමාර 59/4, විශ්ව ප්‍රනාන්දු 30)

සී.සී.සී  මුල්  ඉනිම  කඩුලු 8 ට 196 යි (පන්දුවාර 40.4)(කමිදු මෙන්ඩිස් 72, මිනෝද් භානුක 38, චමිදු විජේසිංහ නොදැවී 24, යසිරු රුද්‍රිගෝ 33/3, රජීව  වීරසිංහ  89/3)

එන්.සී.සී –  බදුරලිය ජය පැරදුමෙන් තොරයි

එන්.සී.සී. මුල්  ඉනිම  152 (පන්දුවාර 54.2යි)

(ළහිරු උදාර 44 සහන් ආරච්චිගේ 34 ජොහාන් ද සිල්වා 29 චලන ද සිල්වා 49/5 පර්විස් රසුල් 38/3)   සහ දෙවැනි  ඉනිම  කඩුලු 9ට 151යි  (පන්දුවාර 41) – (කෙවින් බණ්ඩාර 42, ජොහාන් ද සිල්වා 34, පර්විස් රසුල් 31/5, චලන ද සිල්වා  73/4)

බදුරලිය මුල් ඉනිම 153 ( පන්දුවාර 49යි)(මළිදු මදුරංග 37, අනුක් ප්‍රනාන්දු 23, රමේෂ් සිල්වා නොදැවී 22 ලසිත් ඇඹුල්දෙණිය 76/7)

එස්.එස්.සී. – පොලිසිය ජය පැරදුමෙන් තොරයි

එස්.එස්.සී  මුල් ඉනිම   කඩුලු 6ට  319යි (පන්දුවාර 70)

නිපුන් ධනංජය 117 නුවනිදු ප්‍රනාන්දු 114 මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 51 ළහිරු දියන්ත 68/3

පොලීසිය මුල් ඉනිම 140 (පන්දුවාර 46.5යි)(උඩේ කොවුල් 36,  චතුරංග කුමාර 19, නදීර  බාලසුරිය  18, ප්‍රභාත් ජයසුරිය 40/7, කවිදු නදිෂාන්  36/2) සහ දෙවැනි ඉනිම කඩුලු 7ට   66යි  –  (පන්දුවාර 21යි) – (සමන්  කුමාර 17, ප්‍රභාත් ජයසුරිය 36/4)

රසන්ස් පානදුර

සරසන්ස් මුල්ඉනිම කිසිවෙකු  නොදැවී70 (පන්දුවාර27 යි) – (නවිදු විතානගේ නොදැවී 35 සසිත පල්ලියගුරු නොදැවී 29)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee