slc
Home   |    News
ඔක්තෝබර් 4, 2022
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

sinhala editor

ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම රැස් කරන ලද ලකුණු 81 ක ඉනිම ප්‍රධාන කොට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (04 දා) තායිලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවී තිබේ.

මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහසභාගිවුණු තෙවැනි තරගය ලෙසින් සිලෙට් හිදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් රැස් කිරීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. එම ඉලක්කය හඹා යෑමේදී තායිලන්ත ක්‍රීඩිකාවන්ට රැස්කරගත හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 107 ක් පමණි.

පන්දු යැවීමේදී දකුණත් වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරිය ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගනිද්දී සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමත් සමඟ පළමුව පන්දුට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නියැළීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වුවත්, ඇය සමඟ ඉනිම ඇරැඹි නායිකා චමරි අතපත්තුට අද දිනයේදීත් ලකුණු අතරට පැමිණීමට අපොහොසත්වීම කැපී පෙනිණ.

වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකාරිණියක ලෙස චමරි නම් දරා ඇතත් අද දිනයේදීද හර්ෂිතාට වඩා වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීම තරමක නුහුරු අත්දැකීමක් ගෙන දෙන්නක් විය. හර්ෂිතා අද දිනයේ රැස් කරන ලද්දේ ශ්‍රී ලංකා පිතිකාරිණියක විසින් විස්සයි-20 තරගයකදී රැස් කරන ලද තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය. ඇයට පෙර අවස්ථා 2 කදී චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව පිළිවෙළින් 113 ක් සහ 86 බැගින් වාර්තා කිරීමට සමත්ව තිබේ.

තරගයේ දක්ෂමත ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලද හර්ෂිතා සිය විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ රැස් කරන ලද ඉහළමත ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා කර ගන්නා ලද ලකුණු 81 ක ඉනිම සඳහා පන්දු 69 ක් පමණක් වැය කළාය. හතරේ පහර 10 කින් හර්ෂිතාගේ ඉනිම වර්ණවත් වද්දී ඉනිමේ එල්ල වුණු හයේ පහර 2 නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල විය. මෙම ඉනිම ප්‍රධාන කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය ය‌ටතේ තරග 3 කදී ලකුණු 144 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින හර්ෂිතා වැඩිම ලකුණු ලාභී පිතිකාරිණී බවටද පත්ව සිටින්නීය.

දුවද්දී දැවී යෑමකට හසුව හසිනි පෙරේරා ාපිටියෙන් ඉවතට යෑමෙන් අනතුරුව හර්ෂිතාට එක්වූ නිලක්ෂි තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 61 ක් විය. එහිදී නිලක්ෂිගේ දායකත්වය හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 21 කදී ලකුණු 39 ක් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 156 යි – (හර්ෂිතා සමරවික්‍රම 81, නිලක්ෂි ද සිල්වා (නොදැවී) 39, චමරි අතපත්තු 12, චිපාචා පුතාවොංග් 26/2)

තායිලන්ත කාන්තා පිල පන්දුවාර 20 දී කඩුලු 5 ට ලකුණු 107 යි – (නැනපත් කොන්චාරඔන්කායි 25, නෙරුමාල් ෂයිවායි 19, චනිද සුත්‍රියුංග් 37, අචිනි කුලසූරිය 19/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest