slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2022
මල්ෂාගේ විශ්මිත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට තෙවැනි ජයත්

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන මල්ෂා ෂෙහානිගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී මැලේසියානු පිලට එරෙහිව අද (08 වැනිදා) පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 72 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් සමඟ සම තැන් ගැනීමටද සමත්විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙ සිව්වැනි තරගය බවට පත් වුණු මෙම තරගයේ ජයත් සමඟ ප්‍රසාද ලකුණු 06 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි. ඔවුන් මැලේසියානු පිල හැරුණු කොට එක්සත් අරාබි එමීර් සහ තායිලන්තය යන කණ්ඩායම් පරාජයට පත් කිරීමට සමත්වූහ.

අද තරගයේදීද පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 14 කදී බිඳ වැටුණද නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 105 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම තරගාවලියේ තවමත් ලකුණු අතරට පැමිණීමට වෙර දරන චමරි අතපත්තු ලකුණු 21 ක් ලබා ගනිද්දී නිලක්ෂි ද සිල්වා ලකුණු 21 ක් වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම දිරිමත් කරද්දී මැද පෙළින් පැමිනි ඔෂධී රණසිංහ නොදැවී 23 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 100 ඉක්මවාලීමට පෙරමුණ ගත්තාය.

විටෙක දඟ පන්දුවක් විටෙක වේග පන්දුවත් යැවීමට එක ලෙස සමත්කම් දක්වන මල්ෂා ෂෙහානිගේ සුපිරි පන්දු යැවීම හමුවේ මැලේසියානු පිලේ අවසන් කඩුලු 6 ම ලකුණු 02 ක් ඇතුළතදී බිද වැටිණ.

කඩුලු 4 කට ලකුණු 31 ක් ලබා සිටි මැලේසියානු කණ්ඩායමේ මල්ෂා ෂෙහානි යවන ලද පන්දු 11 දී ඉනිම හමාර කළේ පන්දුවාර 9.5 කදී ලකුණු 33 ක් ලෙසිනි. එම සුපිරි පන්දු යැවීම නිසා ෂෙහානිගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 1.5 කදී ලකුණු 02 කට කඩුලු 4 ක් වශයෙනි. ඇයට අමතරව සුගන්ධිකා ක1මාරි සහ ඉනෝකා රණවීර කඩූ 2 බැගින් බෙඳ හෙළමින් මැලේසියානු පෙර පෙළ පාලනයකට නතු කර ගත්හ.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – මල්ෂා ෂෙහානි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 105 යි – (ඔෂධී රණසිංහ (නොදැවී) 23, චමරි අතපත්තු 21, නිලක්ෂි ද සිල්වා 21, මල්ෂා ෂෙහානි 14, , සෂෘ අෂ්ම 10/2, අයිනා හස්හිම් 23/2)

මැලේසියානු කාන්තා පිල පන්දුවාර 9.5 කදී සියලු දෙනා දැවී ලකුණු 33 යි – (එස්ලා හන්ටර් 18, මල්ෂා ෂෙහාන් 02/4, ඉනෝකා රණවිර 08/2, සුගන්ධිකා කුමාරි 11/2)

Active filters

Recent Posts

  • පන්දුවක් ඉතිරිව තිබියදී රෙඩ්න් ජය වාර්තා කරයි 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියේ මැයි 04 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එස්.එල්.සී. රෙඩ්ස් සහ එස්.එල්.සී. ග්‍රීන් අතර තරගයෙන් […]
  • ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘හරසර‘
    ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  •  සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු […]
  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee