ලොව හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර ආදර්ශයට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු බවට පත්වීම තම අරමුණ යැයි මේජර් ලීග් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් පිදුම් ලද පසිඳු සූරියබණ්ඩාර සඳහන් කර සිටියි.
පසිඳු සූරියබණ්ඩාර මුවර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර මේජර් ලීග් තුන්දින තරගාවලියේ දී ශතක හතරක් අර්ධ ශතක හතරක් සමග ලකුණු දහස ඉක්මවූයේ ඉනිම 15ක ට මුහුණ දෙමිනි.
තමාට ලකුණු දහස ඉක්මවීමට අවස්ථාව උදාවූයේ සති 13ක් වැනි දීර්ඝ කාලයක් තුළ සංවිධානය කෙරුනු මේජර් ලීග් තරගාවලිය මත යැයි පවසන පසිඳු සූරියබණ්ඩාර මේ තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ස්තූතිය පුද කර සිටියේය.
දක්ෂ පිතිකරුවකු වීමට අවස්ථා උදා වූ හේතූන් කිහිපයක් ම පසිඳු හුවා දක්වයි. දිනපතා නිරතුරුව පුහුණුව ලැබීම, කැපවීම ජ්‍යෙෂ්ඨයනගේ උපදෙස්වලට ගරු කිරීම සහ ඉවසීම එයින් කිහිපයකි. තිළිණ කන්දම්බි, ජෙහාන් මුබාරක් රාජකීය විදුහලේදීත් පසුව එස්. එස්. සී., මුවර්ස් සහ ජාතික සංචිතයන්හි පුහුණුකරුවන් ද තමාට දක්ෂ පිතිකරුවකුවීමට අවස්ථාව සැලසූ බව පසිඳු සූරියබණ්ඩාර කෘතවේදීව සිහිපත් කළේය.
මේජර් ලීග් තරගාවලියේ දී පසිඳු සූරියබණ්ඩාර සිව් වතාවක්ම නොදැවී සිටීමට සමත් වී ඇත. 23 හැවිරිදි පසිඳු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නිත්‍ය අංක හතර ස්ථානයේ වසර තුනක්ම ක්‍රීඩාකර දස්කම් පෙන්වීමට සමත්ව ඇත.
බන්දුල මොල්ලිගොඩ