slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2022
ශෂිකලා සිරිවර්ධනට අලුත් වගකීමක්

sinhala editor

ඉතිහාසයේ පළමු වතාවට නම් කරන ලද වයස අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම නොවැම්බර් 10 වැනිදා පස්වරුවේදී ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, ශෂිකලා සිරිවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ ජාතික කණ්ඩායමක් අන්තර්ජාතික තරගාවලියකට සහභාගීවන පළමු අවස්ථාව එම තරගාවලිය වශයෙන් සනිටුහන් වේ.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ශෂිකලා සිරිවර්ධන 2003 වසරේ සිට 2020 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළාය. ඇය අන්තර්ජාතික එක්දින තරග 118කට සහභාගීවී ඇති අතර ලකුණු 2029ක් රැස්කර ගත්තාය. එමෙන්ම විස්සයි 20 අන්තර්ජාතික තරග 81කට ශෂිකලා සිරිවර්ධන සහභාගී වූවාය. එහිදී ලකුණු 1097ක් රැස්කරගත් ඇය අන්තර්ජාතික එක්දින තරගවලදී කඩුලු 124ක් හා විස්සයි 20 අන්තර්ජාතික තරගවලදී කඩුලු 77ක් බිදහෙලා ගැනීමට සමත් වූවාය. වයස අවුරුදු 20දී ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාව ලෙස පත්වී අඩුම වයසින් නායිකාවක් බවට පත්වූ ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් ද පිහිටුවා ඇත.

ශෂිකලාගේ පුහුණුකාරීත්වය යටතේ සහභාගීවන ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කරමින් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් දෙකක් සමග හා බටහිර ඉන්දීය කොදෙව් බාලිකා කණ්ඩායම සමග තරගවලට සහභාගී වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සටන මෙම මස 13 වැනිදා ඉන්දීය ‘බී’ පිලට එරෙහිව විසාග්හි පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 19 වැනිදා පැවැත්වේ. මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගනු ලබන කණ්ඩායම් අවසන් මහ තරග වරම දිනා ගනු ඇත.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest