slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2022
සුපිරි කණ්ඩායම් 4 ශූරතාව නිලක්ෂිගේ රෙඩ්ස් පිලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී රෙඩ්ස් ක්‍රීඩිකා මල්ෂා ෂෙහානිගේ දක්ෂතා කැපීි පෙනිණ.

පන්දුවට පහර දෙමින් ලකුණු 29 ක් රැස් කරගත් මල්ෂා පන්දු යවමින් ලකුණු 23 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ලමින් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා පිදෙන සම්මානයද දිනා ගත්තාය. ඇයගේ මෙම දක්ෂතා ප්‍රධාන කොට එතෙක් අපරාජිතව සිටි හර්ෂිතා සමසරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායමට එරෙහිව ලකුණු 53 ක ජයක් වාර්තා කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් හත් ලක්ෂ පනස්දහසක ත්‍යාග මුදලකටද හිමිකම් කීය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් රෙඩ් කණ්ඩායම පන්දුවාර 42ක දී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත් ලකුණු 150ට පිළිතුරු ලෙස ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 34.1 සියලු පිතිකාරිණියන් දැවී රැස් කළේ ලකුණු 97ක් පමණකි.  මූලික වටයේ තරග තුනම ජයගෙන අවසාන තරගයට පිවිසි ග්‍රේස් කුණ්ඩායමේ අපරාජිතභාවය මින් නිමාවිණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රෙඩ් කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා දක්ෂම පිතිකාරිණිය ලෙස ග්‍රේස් කණ්ඩායමේ හංසිමා කරුණාරත්නත් දක්ෂම පන්දු යවන්නිය ලෙස ග්‍රීන් කණ්ඩායමේ නිමල්ෂා මධුෂානිත් තේරී පත්වූහ. දක්ෂතම පිතිකාරිණිය සහ පන්දු යවන්නිය සදහා මුදලින් රුපීයල් ලක්ෂය බැගින්ද, දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලක්ෂි මුදලින් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමිවූහ.  අනුශූරියන් වූ ග්‍රේස් කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක මුදලක් ද පිරිනැමිණි.

මුලින් පන්දුවට පහරදුන් රෙඩ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනිය ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 48ක දී හතරේ හතරක් සමග ලකුණු 37ක් රැස්කරමින් මේ තරගයේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.  ප්‍රසාදිනී රෙඩ් කණ්ඩායමේ දෙවන කඩුල්ලට නවෝද්‍යා ප්‍රනාන්දු සමග ලකුණු 42ක සබඳතාවයක් ද නායිකාව නිලක්ෂි ද සිල්වා සමග තෙවන කඩුල්ලට ලකුණු 31ක් ද රැස් කරමින් රෙඩ් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ඒමට තරග ආරම්භයේ දී ක්‍රියා කළාය. රෙඩ් කණ්ඩායමේ දෙවන හොඳම සබඳතාවය වූයේ පස්වන කඩුල්ලට නිලක්ෂි ද සිල්වා සමග මල්ෂා ෂෙහානි පන්දු 40ක දී එක්කළ ලකුණු 40 වේ. 

රෙඩ් පිතිකාරිනියන් අතර කැපී පෙනෙන දක්ෂතා දැක්වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 35ක් ද මල්ෂා ෂෙහානි ලකුණු 29ක් ද , හංසිමා කරුණාරත්න (15) නවෝද්‍යා ප්‍රනාන්දු (13) සහ ඉනෝකා ප්‍රනාන්දු (13) දක්ෂතා දැක්වූහ. නිලක්ෂි මේ තරගාවලියේ තරග හතරේ දී ලකුණු 174ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභිනිය බවට ද පත්වූවාය.

ග්‍රේස් කණ්ඩායමේ සඳුනි තිවංකා ලකුණු 31ක ට රෙඩ් පිතිකාරිනියන් හතරක් දවාලමින් එම කණ්ඩායමේ මෙදින වැඩිම කඩුලු ලාභිනිය විය. 

ලකුණු 151ක ඉලක්කයක් කරායාමට පැමිණි ග්‍රේස් කණ්ඩායම දෙවන කඩුල්ලට නායිකා හර්ෂිකා සමරික්‍රම සහ ෂිකාරි ද සිල්වා පන්දු 50ක දී රැස්කළ ලකුණු 30 එම කණ්ඩායම ලැබූ එකම සාර්ථකත්වයයි.  ලකුණු දහය සීමාව ඉක්මවූයේ ද පිතිකාරිනියන් තිදෙනෙකු පමණකි.

කෞෂානී නුත්‍යාංගා පන්දු 33ක දී හතරේ හතරක් සමග ලකුණු 23ක් ද නායිකා හර්ෂිකා සමරවික්‍රම පන්දු 27ක දී හතරේ තුනක් සමග ලකුණු 19ක් ද ෂිකාරි ද සිල්වා පන්දු 32ක දී හතරේ පහරක් සමග ලකුණු 11ක් ද රැස් කළහ. මල්ෂා ෂෙහානිගේ විශිෂ්ට පන්දු යැවීමට නිසා ග්‍රේස් පිල ලකුණු 97ක ට සීමා විය.

මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් උපදේශක සහ මෙහෙයුම් උපදේශක මනුජ කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු සුරේස් බුලන්කුලම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

රෙඩ් පන්දුවාර 42ක දී සියල්ල දැවී 150 (ප්‍රසාදිනී වීරක්කොඩි 37, නිලක්ෂි ද සිල්වා 35, මල්ෂා ෂෙහානි 29, හංසිමා කරුණාරත්න 15, ඉනෝකා ප්‍රනාන්දු 13, නවෝද්‍යා ප්‍රනාන්දු 13, සඳුනි තිවංකා 31/4, ඉනෝකා රනවීර 30/2)

ග්‍රේස් පන්දුවාර 34.1ක දී සියල්ල දැවී 97යි (කෞෂනී නුතයාංගනා 23, හර්ෂිතා සරවික්‍රම 19, ෂිකාරි ද සිල්වා 11, මල්ෂා ෂෙහානි 23/5, තාරිකා සෙව්වන්දි 20/2)

බන්දුල මොල්ලිගොඩ

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ මල්ෂා ෂෙහානි
දක්ෂතම පිතිකාරිණිය වූ හංසිමා කරුණාරත්න
දක්ෂතම පන්දු යවන්නිය වූ නිමල්ෂා මදුශානි
දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලක්ෂි ද සිල්වා

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee