slc
Home   |    News
දෙසැම්බර් 18, 2022
ඒ ජය විශිෂ්ටයි  ජෝර්ඩන් කොක්ස්

sinhala editor

මෙවර  එල්.පී.එල්  තරගාවලියේදී  පිට පිටම  තරග  පහකින්  පරාජයට පත්ව  සිටි දඹුල්ල අවුරා පිල විසින් ගෝල්  ග්ලැඩියේටර්ස්  ලකුණු 48 කින්   පරදා  තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය අත්කර ගැනීමට අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අවස්ථාව උදාවීම පිළිබඳව කණ්ඩායමම සතුටට  පත්ව සිටින බවත් මේ ජයග්‍රහණය  සදහා කොළඹ තණතිල්ල බෙහෙවින් දායක වූ බවත් තරගයේ දක්ෂම  ක්‍රීඩකයා ලෙස තේරුණු දඹුඩුල්ල අවුරා  කණ්ඩායමේ ආරම්භක  පිතිකරු  ජෝර්ඩන් කොක්ස් ප්‍රකාශ කරයි.

තරගයෙන්  පසු  අදහස් දැක්වු  ජෝර්ඩන් කොක්ස් හම්බන්තොට සහ  පල්ලේකැලේ  තරග කිහිපයේදී  තමන් ක්‍රී ඩාකළ තණතිලි සසදනවිට මෙහි තණතිල්ල  උසස  මට්ටමක පැවැතුනේ  යැයිද ඉදිරි  තරග  දෙකෙදීත්  දසකම්  දක්වා  අවසාන  පුර්ව  තරගයට  සුදුසුකම් අත්කර  ගැනීම  තම  කණ්ඩායමේ අපේක්ෂාව  යැයිද  කිවේය .

               තම කණ්ඩායමය  මුලින්  පන්දුවට  පහරදී  කඩුලු  පහකට  ලකුණු 178 ක් වැනි විශාල සංඛ්‍යාවක් කරායාමට ප්‍රථම  කඩුල්ලට තමාටත් 18 හැවිරිදි ලාබාල  ක්‍රීඩක  ෂෙවෝන්  ඩැනියල්ටත් ඕවර 17.4 කදී ලකුණු 163ක්  වැනි  වාර්තාගත  ලකුණු සංඛ්‍යාවකින්  දායක  වීමට  අවස්ථාව උදාවූ බව  පැවැසු  ජෝර්ඩන් කොක්ස් ඉතාමත් දක්ෂ පිතිකරුවකු වන ෂෙවොන් ඩැනියල් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඉතා හොද ආයෝජනයක් වනු  ඇතැයි සදහන්  කළේය .

කලින් තරග  පහම  අප  පරාජයට  පත්වුයේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනුයි මේ  තරගයේදී  අපට  මුලින්ම න්  පන්දුවට   පහරදීමට   අවස්ථාව  උදාවීම අභියෝගයක්  වුවා  ආරම්භක  කඩුල්ලට  මටත්  ෂෙවොන්ටත් හොද සබදතාවයක්  පැවැත්වීමට ලැබීම  ගැන  සතුටුවනවා  ඒ වගේම සුළු   වැරදි  කිහිපයක්  සදාගතහොත් ෂෙවොන්  ශ්‍රී ලංකා  ජාතික   කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරනු  ඇතැයි තමාට  විශ්වාස යැයිද ජෝර්ඩන්  කොක්ස් පවසයි.

21 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් එංගලන්තයේ අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර මේවන විට  කෙන්ට්  ප්‍රාන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ද ක්‍රියා කරයි.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
USD United States (US) dollar

Pin It on Pinterest