slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2022
කැන්ඩි ෆැල්කන්ස් දෙවැනි තැනට දමා ජැෆ්නා කිංග්ස් ඉදිරියට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැවැන්ත පෙරැළියක් සිදුකළ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් පිල ලකුණු 12කින් පරාජය කිරීමත් සමග ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට මෙතෙක් දෙවැනි තැන සිටි තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් පිල සමත් වෙයි.

තරගාවලියේ දිගින් දිගටම ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කැන්ඩි ෆැල්කන්ස් පිල පරාජය වෙද්දී ඊයේ (12) පැවැති අනෙක් තරගයේදී කලම්බු ස්ටාර්ස් පිල පරාජය කිරීමෙන් ජැෆ්නා පිලට ඉදිරියට පැමිණීමේ පහසුව ඇති විය. ජැෆ්නා කිංග්ස් මේවන විට තරග 5කට සහභාගීවී තරග 4ක් ජයගෙන තරගයක් පරාජයවී ලකුණු 8ක් ලබා සිටින අතර කැන්ඩි ෆැල්කන්ස් තරග 4කදී ජයග්‍රහණ 3ක් හා පරාජයක් සමග ලකුණු 6ක් ලබා සිටී. එහෙත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කැන්ඩි ෆැල්කන්ස් පිල ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.

ජැෆ්නා කිංග්ස් පිල දළ ලකුණු ලබා ගැනීමේ වේගය 1. 183ක් ලබා සිටින අතර,  කැන්ඩි ෆැල්කන්ස් පිල දළ ලකුණු ලබා ගැනීමේ වේගය 1. 759ක් ලබා ඇත. තරග 4කට සහභාගී වී සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග දෙකකින් පරාජයවීම හේතුවෙන් ලකුණු 4ක් ලබා සිටින අතර, දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල අවුරා සහභාගීවූ තරග 3ම පරාජයට පත්වීමෙන් ලකුණු නොලබා අවසන් ස්ථානයේ සිටී.

‌ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 11 වැනි තරගය ලෙසින් අද (13) පස්වරු 3ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දඹුල්ල අවුරා සහ කැන්ඩි ෆැල්කන්ස් පිල හමුවේ. අද දවසේ විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙන දෙවැනි තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ටාර්ස් සටන් බිමට පිවිසෙති.

දඹුල්ල අවුරා සහ කැන්ඩි ෆැල්කන්ස් ඉතිහාසයේදී සිවු වතාවක් හමුවී ඇති අතර එහිදී වැඩි වාසි දඹුල්ල අවුරා පිල සතු කරගෙන සිටී. 2020 එල්පීඑල් පළමු තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති තරග දෙකේම ජයග්‍රහණය දඹුල්ල අවුරා පිල දිනා ගත් අතර, පසුගිය වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු තරගයෙන් දඹුල්ල අපුරා ජය ලබද්දී දෙවැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 6ක ජයක් වාර්තා කළේය.

ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ටාර්ස් පල්ලේකැලේ පිටියේදී මෙයට දින දෙකකට පෙර හමුවී ලකුණු 25ක ජයක් ගෝල් ග්ලැඩියේටර්ස් පිල හිමි කරගෙන ඇති පසුබිමක අද මෙම කණ්ඩායම් දෙක හමුවේ. මෙයට පෙර 2020 එල්පීඑල් තරගාවලියේදී හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථා 3කදී මෙම කණ්ඩායම් දෙක හමුවී ගෝල් ග්ලැඩියේටර්ස් තරග 2කදී හා කලම්බු ස්ටාර්ස් තරගයකදී ජය වාර්තා කළේය. පසුගිය වසරේ එල්පීඑල් තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙකේම ජය කලම්බු ස්ටාර්ස් තහවුරු කර ගත්තේය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන් සිටි කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් (141) ඊයේ තරග ප්‍රථීපල අනුව සිවුවැනි ස්ථානයට පත්ව ඇත. ජැෆ්නා කිංග්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 177ක් ලබා ඉදිරියට පැමිණි අතර ඔහු මෙවර තරගාවලියේ තරග 5කදී පන්දු 145කට මුහුණදී අර්ධ ශතක 2ක් රැස් කළේය. ඔහුගේ මෙම ප්‍රහාරයට හයේ පහර 3ක් හා හතරේ පහර 19ක් ඇතුලත්ය. කැන්ඩි ෆැල්කන්ස් පිලේ පැතුම් නිශ්ශංක පන්දු 118කදී ලකුණු 151ක් ලබා සිටින අතර ඔහු හයේ පහර 3ක් හා හතරේ පහර 16ක් රැස් කළේය. ජැෆ්නා කිංග්ස් පිලේ සධීර සමරවික්‍රම (146) හා කලම්බු ස්ටාර්ස් පිලේ නිරෝෂන් දික්වැල්ල (125) පිතිකරුවන් අතර සිටිති.

කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික කාලෝස් බැරත්වෙයිට් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ කඩුලු 8 බැගින් දවාගෙන සිටිති. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු හා කැන්ඩි ෆැල්කන්ස් පිලේ වනිදු හසරංග කඩුලු 7 බැගින් දවාගෙන සිටින අතර, ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නුවන් තුෂාර හා නුවන් ප්‍රදීප්, ජැෆ්නා කිංග්ස් පිලේ ජේම්ස් ෆුලර් හා මහීෂ් තීක්ෂණ, දඹුල්ල අවුරා පිලේ ළහිරු කුමාර කඩුලු 6 බැගින් බිඳහෙලා සිටිති.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar