slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2022
කැන්ඩි ෆැල්කන්ස් දෙවැනි ජයත් ලබයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

පළමු තරගාවලි 2 ට සාපේක්ෂ වඩාත් සැලසුම් සහගතව තෙවැනි එල්.පී.එල්. තරගාවලිය සදහා අවතීර්ණව සිටින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද (07 දා) ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව පැවැති තරගයෙන් ද කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්තේ සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රැගෙන යමිනි. පන්දු 30 ක් ඉතිරිව තිබියදී කැන්ඩි පිල සිය ජයග්‍රහණය සනිටුහන් කර ගන්නා අතරතුරදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ 3.925 ක ශුද්ධ දළ ලකුණු වේගයක්ද රදවා තබා ගනිමිනි.

ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණ් 121 කට සීමා කරමින් පහසු ඉලක්කයක් ලබා ගත් කැන්ඩි ෆැල්කන්ස් පිතිකරුවන් අතරින් නායක වනිඳු හසරංග පිට පිට හතරේ පහර 2 ක් එල්ල කරමින් ජයග්‍රහණය සනටුහන් කරන ලද්දේ පන්දුවාර 5 ක්ම ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි.

මෙම ඉලක්කය හඹා යෑමේදී අද දිනයේදීත් ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පන්දු 23 කදී ලකුණු 30 ක් එක් කළහ. නුවන් තුසාර සහ නුවන් ප්‍රදීප් හමුවේ මොවුන් දෙදෙනා දැවී ගිය නමුත් අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි කමිදු මෙන්ඩිස් පන්දු 34 කින් ලකුණු 44 ක් ලබාගත්තේය.

වනිඳු විසින් තරගය නිමා කරන විට අනෙක් අන්තයේ රැදී සිටියේ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් කාලෝස් බ්‍රත්වයිට්ය. ඔහුට එම සම්මානය හිමිවූයේ අද්විතීය පන්දු යැවීම හමුවේය. තරග ආරම්භයේ සිටම කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු කාලෝස් බ්‍රැත්වයිට් පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විටම ගෝල් ගැල්ඩියේටර් පිලේ දැවී ගිය කඩුලු 5 න් 4 ක්ම දවා ගත්තේය.‌ ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසින් නායක කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් වන විට ග්ලැඩියේටර් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 28 කට කඩුලු 5 ක් ලෙසිනි.

මෙම තත්ත්වය මත මොවින් සුබසිංහ සහ ඉමාඩ් වසීම් දෙ‌දෙනා මත වැඩි වගකීමක් දිග හැරිණ. ලකුණු වේගය වැඩි කිරීමට වඩා කඩුලු ආරක්ෂා කර ගැනීමට මුල් තැන දීමට මොවුන් දෙදෙනාට සිදු වුවත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 65 ක සම්බන්ධතාව සදහා වැය කර තිබුණේ පන්දු 61 ක් පමණි. මෙම සම්බන්ධතාව නොවන්නට ග්ලැඩියේටර් ඉනිම වඩාත් නරක අතට හැරීමට තිබූ ඉඩ කඩ වැඩි විය.

කෙසේ වෙතත් මෙම සම්බන්ධතාව අතරතුරදී මොවින් සුබසිංහ දවා ගැනීම සදහා අවස්ථා 2 ක්ම ලබා දුන්නත් කැන්ඩි ෆැල්කන්ස් පන්දු රකින්නන් අතින් එය ගිලිහිණ. යම් ලෙසකින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වූවේ නම් බ්‍රැත්වයිට්ට පහසුවෙන්ම කඩුලු 5 ක් දවා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. එක දිගටම සිය පන්දුවාර 4 ක්‍රියාත්මක කළ බැත්වයිට් තම පන්දු යැවීම අවසන් කරන ලද්දේ නිලකුණු  පන්දුවාරයක්ද සමගින් ලකුණු 14 කට කඩුලු 4 ක් වශයෙනි.  

ඊට පෙරාතුව නුවනිදුව දවා ගැනීම වෙනුවෙන් දුන් උඩ පන්දුව රැක ගැනීමට යෑමේදී එය චාමික කරුණාරත්නගේ මුහුණ දැවටින. මුවග ආශ්‍රිතව එම පන්දුව වැදීමෙන් චාමිකව රෝහල් ගත කිරීමට වෛද්‍ය අංශයට සිදුවිය. දත් 4 ක්ද අහිමිවූ බව කණ්ඩායම් කලමනාකාරවරයා විසින් නිවේදනය කරන විටත් ක්‍රීඩකයින් කම්පනයට පත්වීමේදී තවත් ක්‍රීඩකයකු ආදේශ කෙරෙන ‘කොන්කෂන්’ අවස්ථා චමිඳු වි‌ජේසිංහට හිමිවූවේය.

උඩ පන්දුව ගිලිහී යෑමෙන් ලැබූ වරමින් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 40 දක්වා ඉහළ දමා ගත්තේ පන්දු 38 ක් වැය කරමිනි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ද ඇතුළත් වුණ සුබසිංහගේ ඉනිමට අමතරව වැඩිම ලකුණු ලාභියා වුණු ඉමාඩ් වසීම් පන්දු 39 කදී ලකුණු 34 ක් ලබා ගත්තේය. මොවුන් දෙදෙනාගේ කර මතින් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 121 ක් දක්වා ඉහළ දමා ගැනීමට අවස්ථාව උදාවිය.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee