slc
Home   |    News
දෙසැම්බර් 18, 2022
පළමු තරගයේදීම වීරයා වීම   ගැන  සතුටුයි – අෆීෆ්

sinhala editor

ලංකා  ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමා සහභාගීවූ ප්‍රථම   තරගයේදීම    දක්ෂතම  ක්‍රීඩකයා  සම්මානය දිනා ගැනීමට අවස්ථාව උදාවීම පිළිබඳ අතිශයින්  සතුටට පත්වන බව අද (18) ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහි තරගයේදී දක්ෂතම ක්‍රීඩකයා  ලෙස  තේරුණු ජැෆ්නා කින්ග්ස්  කණ්ඩායමේ   අංක  තුන    පිතිකරු බංග්ලාදේශ ජාතික 23 හැවිරිදි අෆීෆ් හොසේන්     තරගයෙන්  පසුව     ප්‍රකාශ   කළේය

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය    ක්‍රීකට් තරගාවලියට සහභාගි විමට    තිබු  හෙයින්  එල්.පී.එල්  තරගාවලියට සහභාගිවීමට  මෙහි    පැමිණීම ප්‍රමාද වූ බව  කී   හොසේන්     ප්‍රමාදවී   හෝ    මෙහි  පැමිණි    විගස     දක්ෂතා අතරට ඒමට    ලැබීම   පිළිබදව සතුටු වන බව ද  කිවේය

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම  වෙනුවෙන්    තම   මේ  තරගයේදී තමා  පන්දුවට  පහර දෙද්දි පළමු ඕවර පහේදී   සෙමින්  ලකුණු   රැස් කරමින්    කඩුල්ලේ   රැදී  තණතිල්ල  පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට   උත්සහ  ගත් බව   කී    හොසේන්     එය    සාර්ථක   වී  තමා   ස්ථාවර    වු විගස  වේගයෙන්   ලකුණු  රැස්  කිරිම ආරම්භ  කළ   බවද    කිව්වේය .

13- 14 ඕවරයන්හීදී   වේගයෙන්    ලකුණු  රැස්  කිරීමට   තමා  හට  අවස්ථාව   ලැබීමෙන්  අර්ධ ශතකයට   යාමට   පහසු   වු බවද   හොසේන් සදහන්   කළේය. “ශ්‍රී ලංකාවේ  අවුරුදු 19න්  පහළ    කණ්ඩායම   සහ    ශ්‍රී ලංකා ඒ  කණ්ඩායම   සමග මා   මීට  පෙර  තරග  වැදි දස්කම්  දක්වා   තිබෙනවා. එම  තරගවලදී මා  ලත්  පෙරහුරුවත්  අද   දක්ෂතා අතරට  ඒමට  බලපෑවා” යැයි තමා විශ්වාස කරන බවද අෆීෆ් පැවැසුවේය.

“ශ්‍රී ලංකාවේ තණතිලි ඉතාමත්    හොදයි    ඉදිරි තරග   කිහිපයේදී  ලකුණු අතරට  පිවිසීමට    තමා   අපේක්ෂා   කරන  බවද  හොසේන්  පවසයි.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest