slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2022
යළි නැගී සිටි දඹුල්ල අවුරා කෙරෙහි වැඩි අවධානයක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 5ක් පරාජයවී 6 වැනි තරගයේදී ලකුණු 48ක දැවැන්ත ජයක් වාර්තා කොට යළි නැගී සිටි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිල කෙරෙහි දැන් වැඩි අවධානයක් යොමුව පවතී. දඹුල්ල අවුරා පිලට අද (18) සහ හෙට (19) තවත් තරග දෙකක් ඉතිරිව ඇති හෙයින් ඔවුන් එම තරග දෙකේ දක්වන දස්කම් හා එයින් අනතුරුව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව කෙරෙහි මෙම අවධානය යොමුව පවතී.

මෙම තරගාවලියේ අතීත ප්‍රතිපල කුමක් වුවද, ජාතික පිලට ක්‍රීඩා කරන දසුන් ශානක, භානුක රාජපක්ෂ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් හා විස්සයි 20 ලෝක කුසලානයේදී දස්කම් පෑ සිකන්දර් රාසා වැනි විදෙස් ක්‍රීඩකයන් සිටින දඹුල්ල අවුරා පිලට ඉදිරියේදී පෙරැළීයක් කිරීමේ හැකියාව විශාල ලෙස පවතී.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 නායක දසුන් ශානක ඇතුලු පිරිවර ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ලකුණු සටහනේ ලකුණු 6ක් ලැබී අවසන් වටයට පිවිසීමේ අවස්ථාව කෙරෙහි බලාපොරොත්තු රඳවා ගත හැක. කැන්ඩි ෆැල්කන්ස් හා ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් ලකුණු 12ක් හා 8ක් ලබා සිටින හෙයින් ඔවුන්ට අවසන් වටයේ දොරටු දැනටමත් විවිරවී ඇත. එහෙත් කළම්බු කිංග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් දෙක පිළිව‍ෙලින් ලකුණු 6ක් හා 4ක් ලබා ඇති හෙයින් ඔවුන්ට ඉදිරි සෑම තරගයක්ම තීරණාත්මක වේ. යම් හෙයකින් කළම්බු කිංග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් පසු බැසීමකට ලක් වුවහොත් එය ද, දඹුල්ල අවුරා පිලෙග් වාසියට හේතුවක් වනු ඇත.

මෙම පසුබිම තුල අද දිනයේ ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා කිංග්ස් පසුවරු 3ට හමුවන අතර, විදුලි ආලෝක ධාරා මැද කැන්ඩි ෆැල්කන්ස් හා දඹුල්ල අවුරා සටන් වදිති. මෙම කණ්ඩායම් මෙවර තරගාවලියේ මෙයට පෙර හමුවීමේදී දැනට ලකුණු සටහනේ පෙරමුණේ සිටින ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි ෆැල්කන්ස් පිල වැඩි වාසි අත්කර ගත්හ.

ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා කිංග්ස් අතර හම්බන්තොට පැවැති පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් කිංග්ස් පිලට හා කැන්ඩි ෆැල්කන්ස් හා දඹුල්ල අවුරා පල්ලේකැලේදී හමුවී කැන්ඩි ෆැල්කන්ස් ලකුණු 77ක ජයක් ලබා ගත්තේය.

හෙට දිනයේ යළි හමුවන ජැෆ්නා කිංග්ස් හා කළම්බු කිංග්ස් අතර පල්ලේකැලේ පැවැති පළමු තරගයෙන් ලකුණු 6ක ජයක් ජැෆ්නා කිංග්ස් පිලට හිමි වූ අතර ගෝල් ග්ලැඩියේටර්ස් හා දඹුල්ල අවුරා පෙරේදා (17) කොළඹදී හමුවූ ඇවස්ථාවේදී දඹුල්ල පිල ලකුණු 48ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග මේ 21 වැනිදි සිට පැවැත්වෙන අතර අවසන් මහා තරගය මේ 23වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පස්වරු 7.30ට ආරම්භ වේ.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee