slc
Home   |    News
දෙසැම්බර් 6, 2022
රෙඩ්ස් සහ බ්ලූස් ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙකක දී බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගත්හ.

කණ්ඩායම් නායිකාවන් දෙදෙනා චමරි අතපත්තු (බ්ලූස් නොදැවී 34) සහ නිලක්ෂි ද සිල්වා (රෙඩ්ස් නොදැවී 46) සුවිශේෂි දක්ෂතා පෙන්වමින් තම කණ්ඩායම් ජයග්‍රහණ කරා රැගෙන ගියහ.

මේ තරගාවලියේ ප්‍රථම තරග දෙකම ජයගෙන සිටි ග්‍රේස් කණ්ඩායම මෙදින රෙඩ්ස් සමග ලකුණු 124ක ඉලක්කයක් කරා යද්දි පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක ට ලකුණු 101ක් පමණක් ලබා පරාජයට පත්විණි.

උදෑසන පැවැති බ්ලූස් සහ ග්‍රීන් තරගය ඕවර පහකට සීමා වූ අතර චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට කඩුලු අටක පහසු ජයක් හිමිවිණි.

රෙඩ්ස් සහ ග්‍රෙස් අතර පැවැති තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් රෙඩ්ස් කණ්ඩායම ඕවර් 20 අවසානයේ පිතිකාරිනියන් දෙදෙනෙකු පමණක් දැවී ලකුණු 123ක් රැස් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.15ක් වන පරිදිය.

ආරම්භක පිතිකාරිනිය ප්‍රසාදිනී වීරක්කොඩි වැඩිම ලකුණු ලාභිනිය ලෙස නොදැවී ලකුණු 60ක් රැස් කළේ පන්දු 50ක ට මුහුණ දී හතරේ තුනක් සහ හයේ පහරක් ද සමගය.  රෙඩ්ස් නායිකාව නිලක්ෂි ද සිල්වා සුපුරුදු පරිදි නැවත වතාවක් ලකුණු අතරට පිවිසියේ පන්දු 44ක ට මුහුණ දී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 46ක් ලබා ගනිමිනි.

ප්‍රසාදිනී සහ නිලක්ෂි රෙඩ්ස් තෙවන කඩුල්ලට නොදැවී ලකුණු 87ක සබඳතාවයක් තබාගත්තේ පන්දු 71ක් වැනි කෙටි කාලයක් තුළය.  ග්‍රේස් පන්දු යවන්නියන් කිසිවෙකුට දක්ෂතා අතරට ඒමට අවස්ථාව නොලැබුණු අතර, හංසිමා කරුණාරත්න කඩුල්ලක් දවාලුවේ ලකුණු 37ක්ම පිරිනමමිනි.

ග්‍රේස් කණ්ඩායම ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ ලකුණු 24ක ට කඩුලු දෙකක් දැවී සිටිය දී ශ්‍රී ලංකා 19න් පහළ නායිකාව විශ්මි ගුණරත්න පන්දු 35ක දී ලකුණු 29ක් ද, හංසිමා කරුණාරත්න පන්දු 29ක දී ලකුණු 24ක් ද රැස් ක‍රමින් තෙවන කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 51ක් රැස් කළේ සබඳතාවය තුළ කෙටි ලකුණු පමණක් ලබාගනිමින් හතරේ පහර එකක් පමණක් එල්ල කරමිනි.

මේ පිතිකාරිනියන් දෙදෙනා දැවී යාමත් සමග ඇදිරි කාලගුණය ද බලපෑ අතර, ග්‍රේස් ඉනිම කඩුලු 7ට ලකුණු 101ක ට (පන්දුවාර 20) සීමාවිණි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයේ දී ක්‍රීඩාංගණයේ ඈත පෙදෙස් හි අයහපත් තත්ත්වය (ජලය) මත කණ්ඩායමකට ඕවර් පහක් ලැබෙන ලෙසට ආරම්භ වූයේ දහවල් 12ට ය.

මුලින් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායමට ඕවර් පහ අවසානයේ කඩුලු හතරක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 46කි.  ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිනියන් දෙදෙනා වූයේ අනුෂ්කා සංජීවනී (12) සහ කාව්‍යා කාවින්දිය(12).

ග්‍රීන්ස් කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ කාව්‍යා කාවින්දි  සහ පියුමි වත්සලා (නොදැවී 06) සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු 19යි ය.  බ්ලූස් කණ්ඩායමේ ඉනෝකා රණවීර ලකුණු 20ක ට කඩුලු දෙකක් දවාලමින් කැපී පෙනුණු පන්දු යවන්නිය වූවා ය.

ලකුණු 47ක පහසු ඉලක්කයක් කරා යාමට බ්ලූස් කණ්ඩායම පිටියට පිවිසි අවස්ථාවේ නායිකාව චමරි අතපත්තු නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළේ පිටිය පුරා දර්ශනීය පහර එල්ල කරමිනි.  ඇය ග්‍රීන්ස් නායිකාව ඕෂදී රණසිංහ දැඩි ප්‍රහාරයකට ද ලක් කිරීමට සමත් වූවාය.

ආරම්භක පිතිකාරිනිය වූ චමරි මේ තරගයේ වැඩිම ලකුණු ලාභිනිය ලෙස නොදැවී ලකුණු 34ක් රැස් කළේ පන්දු 16ක දී හයේ තුනක් සහ හතරේ පහරක් ද සමග ය. චමරි සහ අමා කාංචනා පන්දු 14ක දී ලකුණු 26ක් රැස් කළේ තෙවැනි කඩුල්ල වෙනුවෙනි. 

මීට අමතරව සත්‍යා සංදීපනී පන්දු හතක දී ලකුණු හතක් ලැබීය.  නිමේෂා මධුභාෂිනී ලකුණු හයකට කඩුල්ලක් දවා කැපී පෙනෙන පන්දු යවන්නිය වූවාය.

බ්ලූස් කඩුලු 8 ක ජයක්

ග්‍රීන්ස් කඩුලු 446යි (පන්දුවාර 5යි) (අනුෂ්කා සංජීවනී 12, කාවයා කාවින්දි 12, පියුමි වත්සලා නොදැවී 06, ඉනෝකා රණවීර 20/2, චමරී අතපත්තු 14/1)

බ්ලූස් කඩුලු 247 (පන්දුවාර 4.4යි) – (චමරි අතපත්තු නොදැවී 34, සතයා සංදීපනී 07, අමා කාංචනා නොදැවී 02, නිමේෂා මධුභාෂිනී 6/1, ඕෂදී රණසිංහ 24/1) 

රෙඩ්ස් කණ්ඩායම ලකුණු 22කින් ජයගනී.

රෙඩ්ස් කඩුලු 2 123යි (පන්දුවාර 20යි) (ප්‍රසාදිනී වීරක්කොඩි නොදැවී 60, නිලක්ෂි ද සිල්වා නොදැවී 46, නෙත්මි සේනාරත්න 07, හංසිමා කරුණාරත්න 7/1)

ග්‍රේස් කණ්ඩායම කඩුලු 7101යි (පන්දුවාර 20යි) (විශ්මි ගුණරත්න 29, හංසිමා කරුණාරත්න 24, දුලංගා දිසානායක නොදැවී 06, මධුෂ්කා මෙත්තානන්ද 18/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest