slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2022
අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්තිය උළෙලක්

sinhala editor

දින 18 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අද (23 දා) ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 3 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති උත්සවයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබෙන අතර එය ප.ව. 5.45 ට ආරම්භ වීමට නියමිතය.

සංගීතය, නර්තනය මෙන්ම වර්ණවත් ගිණිකෙළි වලින් සමන්විතව පැවැත්වෙන මෙම විචිත්‍රවත් උත්සවයේදී තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට උපරිම ප්‍රීතිය සහ උද්‍යෝගය රැගෙන ඒම අරමුණු කොට ගෙන පවත්වනු ලබයි.

ජාතික ගිය ගායනයෙන් පසු ආරම්භ වන මෙම උත්සවය ජනප්‍රිය ගායක ගායිකාවන් වන උමාරියා සිංහවංශ සහ චිත්‍රාල් සෝමපාල ප්‍රධානව පැවැත්වෙන අතර ඊ චන්දන වික්‍රමසිංහ නැටුම් කණ්ඩායම, ඉන්දීය නර්තන ශිල්පිනියක් වන භර්තී ජා ද සිය නර්තයෙන් දායකත්වය දක්වනු ඇත.

මීට අමතරව හිටපු පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා විසින් ආරාදිත දේශනය සිදුකරනු ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා මහතා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ආචාර්ය ජයන්ත ධර්මදාස මෙන්ම තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල යන මහත්වරු මෙන්ම අවසන් මහ තරගය ක්‍රීඩා කරනු ලබන ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් වල ක්‍රීඩකයෝද සහභාගිවෙති.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar