slc
logo
Home   |    News
ජනවාරි 27, 2023
එංගලන්ත ලයන්ස් පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල කඩුලු 4 ක ජයක් ලබයි

sinhala editor

සිව්වැනි ඉනිමේදී හඹා යෑම අසීරු බව සම්මතය වුවත් කොළඹ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 දා) නිමාවට පත් තෙදින පුහුණු තරගයේදී ලකුණු 309 ක ඉලක්කයක් කඩුලු 6 ක් පමණක් දැවී රැස් කර ගනිමින් එය යථාර්ථයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI ක්‍රීඩකයෝ සමත්වූහ. පන්දුවාර 50.4 ක් ඒ සදහා වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 4 ක ජයක් වාර්තා කරන ලද්දේ ප්‍රාහාරාත්මකව ක්‍රිකට් ශෛල්‍ය  සැම විටම සාර්ථක නොවන බවට එංගලන්ත ලයන්ස් කණ්ඩායමට පසක් කර දෙමිනි.

මෙම ජයග්‍රහණයේ සුවිශේෂීතාව වූයේ පළමු ඉනිමේදී එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම හමුවේ ලකුණු 58 කින් ඉදිරියෙන් සිට පරාජයට පත්වීමය. මෙම හඹා යෑමේ පූර්ණ ගෞරවය විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් ලසිත් කෲස්පුල්ලේට හිමිවන්නේ නිතරගයෙනි. පන්දු 84 කට මුහුණ දුන් දකුණත් ආරම්භක පිතිකරුවා පළමු ලකුනු 50 සදහා පන්දු 46 කට මුහුණ දුන්නද, ශතකය කරා යෑමේදී ඒ සදහා වැය කරන ලද්දේ පන්දු 27 ක් පමණි.

ටොම් හාර්ට්ලිගේ පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහර එල්ල කිරීමට යෑමේදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ලසිත් දැවී යන විට පන්දු 84 කදී ලකුණු 116 ක් ලබා සිටියේය. ඉන් ලකුණු 90 ක්ම හයේ පහර (5) සහ හතරේ පහර (15) වලින් සමන්විත විය.

කෲස්පුල්ලේට එක්වූ නායක සහන් ආරච්චිගේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කරමින් දීර්ඝ හඹා යෑමකට අවශ්‍ය අඩිතාලම එක් කළහ. මෙම සම්බන්ධතාව ලයන්ස් පන්දු යවන්නන්ට කෙතරම් හිසරදයක් වී තිබුණේද යන්න හොඳින්ම පෙන්නුම් වූයේ සහන් ආරච්චිගේගේ දැවී යෑමේදී එම කඩුල්ල දවා ගත් ජැක් කාර්සන් එය සමරන ලද ආකාරය දෙස අවධානය යොමු කිරීමේදීද. ඉදිරි පාදයේ ලසිත් එල්ල කරන ලද පන්දුව පෙරළා උඩ පන්දුවක් ලෙසින් කාසන් රැක ගැනීමෙන් පසු කාසල් සමරන ලද්දේ කෑගමින් පමණක් නොව ගුවනට පන්දුව මුසු කරමිනි.

ඔවුන් දෙපළ ලබා දුන් ආරම්භයෙන් පසු තරගය ඉදිරියට රැගෙන ගිය ජනිත් ලියනගේ සහ පසිදු සූරිය බණ්ඩාර හය වැනි කඩුල්ලට පන්දු 53 කදී ලකුණු 73 ක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් XI පරාජය නතර කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්න්න උපරිම උත්සාහය යෙදුවද ලියනගේගේ (@) දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දුෂාන් හේමන්ත පන්දු 14 කදී ලකුණු 23 ක් ලබා ජයග්‍රහණය ඉක්මන් කළේය. තරගය නිමා වන විට සිය අන්තය ආරක්ෂා කර ගත් පසිදු පන්දු @ කදී ලකුණු 52 ක් ලබා සිටියේය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය ලබන 31 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee