slc
Home   |    News
ජනවාරි 25, 2023
මාස 14 කට පසු කුසල් පෙරේරා යළි සංචිතයට

sinhala editor

ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට පියවර ගෙන තිබේ.

තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ සිව්දින කණ්ඩායමේ නායකත්වය සදහා නිපුන් ධනංජයවද එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිදු මෙන්ඩිස්වද නම් කර තිබේ.

මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිදු මෙන්ඩිස්ට අමතරව, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් නම් කරන ලද ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට සූදානම් වීමේ කොටසක් ලෙසට තවත් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අතර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාද පසුවීම කැපී පෙනෙයී. 2021 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරගයෙන් පසු උරහිසේ ආබාධයකට මුහුණ දුන් කුසල් මේ වන තෙක් වූ මාස කීපයේදීම කිසිදු ක්‍රියාකාරී තරගයකට සහභාගි නොවිණ. කෙසේ වෙතත් සිය ආබාධිත තත්ත්වය පූර්ණ සුව අතට පත්කර ගැනීමට කුසල් සමත්වීම නිසා නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීම සදහා අවස්ථාවක් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ අතර පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු,සහ පදුෂ්මන්ත චමීර යන ටෙස්ට් වරම් දිනා සිටීන ක්‍රීඩකයින්ද අවශ්‍ය වූ විටෙක කැඳවීමේ බලාපොරොත්තුවෙන් නම් කරන ලද විශේෂිත සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක – සිව්දින තරග), කමිදු මෙන්ඩිස් (නායක – එක්දින), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඔෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

අවශ්‍ය වූ විටෙක කැඳවීම සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් – පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, අන්ජලෝ මැතිව්ස්, දුනීත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, කුසල් ජනත් පෙරේරා.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest