slc
Home   |    News
ජනවාරි 27, 2023
පළමු ද්විත්ව ශතක ලාභියා වීමට හැකිවීම ගැන සතුටුයි – ඕෂධ

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වශයෙන් සැලකෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත් වන බව පළමු සති අන්තයේ කලම්බු පිලට එරෙහිව පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලද ඕෂධ ප්‍රනාන්දු සඳහන් කර සිටියි.

අන්තර් සමාජ තරගාවලියක හෝ වෙනත් එවැනි මට්ටමේ තරගාවලියකට වඩා නැෂනල් සුපර් ලීග් වැනි ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩකයින් 100 දෙනා ක්‍රීඩා කරනු ලබන නැෂනල් සුපර් ලීග් වැනි තරගාවලියකදී එය තම නම ඉදිරියෙන් ලියවා ගැනීමට හැකිවීම, වඩාත් සතුටට පත් කරවන්නක් බවද ඕෂධ කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැෂනල් සුපර් ලීග් පළාත් තරගාවලිය පත්වනු ලබන්නේ දෙවැනි වතාවටය. මෙහි පළමුවැන්න 2022 වසරේ මුලදී පැවැති අතර එම තරගාවලියේ ශූරතාව කමිදු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි කණ්ඩායම දිනා ගත්තේය. මෙතෙක් තරගාවලි ඉතිහාසයේ ඕෂධ හැරුණු කොට තවමත් එකම හෝ පිතිකරුවකු සිව්දින තරගාවලියේදී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට අසමත්ව සිටින අතර එවැනි දස්කමක් දක්වන ලද පළමු පිතිකරුවා වශයෙන් ඔහු ඉතිහාස ගතව සිටියි.

මෙම ඉනිම ප්‍රධාන කොට කැන්ඩි කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 279කින් කළම්බු පිල පරාජයට පත් කිරීමට සමත්වූ අතර ඕෂද රැස් කරන ලද ලකුනු 201 ඉනිම නිසා කැන්ඩි පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 565 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවීමට අවස්ථාව උදාවිය.

“මේ කාලයේ පිතිකරුවන් ලකුණු 100ක් හෝ 150ක් රැස්කිරීම සාමාන්‍ය සිදුවීමක්, ඒත් ලකුණු 200 හෝ 300ක් පිතිකරුවකු රැස් කරන්නේ කලාතුරකින්, එම පිරිස අතරට එක්වීම වැඩි සතුටක් ගෙන දෙන්නක්” යැයි ඕෂධ කියයි.

එස්.එස්.සී. තණතීරුවේදී උදෑසන වරුවේ ලකුනු රැස් කිරීම අතිශය අසීරු කටයුත්ක් වන්නේ පිණි සහිත තත්ත්වයත් සමඟ පන්දුව දෙපසටම දෝලනය වීමට ඇති හැකියාව හේතුවෙනි. එහිදී තමා ඉනිම ආරම්භයේදී වඩාත් ආරක්ෂාකාරී වූ බව පවසන දකුණත් අංක 3 පිතිකරුවා,

පසුව තම සුපුරුදු පිතිහරඹය රටාවට අවතීර්ණ වූ බව සඳහන් කර සිටියේය.

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් පන්නරය ලබා ශ්‍රී ලංකා 19න් පහළ සංවර්ධන සහ ජාතික මට්ටමේ කණ්ඩායම්වලට ඇතුළත්ව ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත් ඕෂධ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තර 19 කදී ලකුන 1039 ක් ලබා සිටින්නේ පාකිස්තානයට එරෙහිව රැස් කරන ලද ශතකයත් තවත් අර්ධ ශතක 7 ක් ද සමඟිනි. එක්දින තරග 8 කදී ලකුණු 148 ක්ද ලබා ගැනීමට සමත්ව සිටින ඕෂධ විස්සයි-20 තරග 7 කදී ලකුණු 128 ක් ලබාගැනීමට සමත්ව සිටියි.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest