slc
logo
Home   |    News
ජනවාරි 11, 2023
බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු පළමු පුහුණු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජය කණ්ඩායමට එරෙහිව ලකුණු 52 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශක් ලබා ගැනීමට සමත්විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 90 ක් රැස් කර නමුදු එම ඉලක්කය හඹා යෑමේදී ප්‍රතිවාදී එක්සත් අරාබි එමීඍ් පිලට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 13.3 කදී ලකුණු 38 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නෙත්මි ිසේනාරත්න පන්දු 55 කදී ලකුණු 53 ක් ලබා ගත් අතර එම ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කිරීමටද ඈ වග බලා ගත්තාය. ඇයට අමතරව ආරම්භක පිතිකාරිණිය වූ සුමුදු නිසංසලා පන්දු 28 කදී ලකුණු 14 ක් ලබා ගත්තාහ.

පන්දු යැවීමේදී විදුෂිකා පෙරේරා සහ දෙව්මි විහංගා ප්‍රධාන පන්දු යවන්නියන් විසින් ප්‍රතිවාදී පිල පන්දුවාර 14 ක් නිමාවීමට මත්තෙන් සීමා කරන ලද්දේ එකම පිතිකාරිණියකට හෝ ලකුණු 10 සීමාවට පැමිණීමට අවස්ථාව ලබා නො‌දෙමිනි. මෙහිදී දෙව්මි විහංගා ලකුණු 04 කට කඩුලු 3 ක් සහ විදුෂිකා පෙරේරා ලකුණු 05 කට කඩුලු 3 ක් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 90 යි – (නෙත්මි සේනාරත්න 53, සුමුදු නිසංසලා 14, ගීිතිකා ජෝතිස් 10/2)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 13.3 කදී ලකුණු 38 යි – (විදුෂිකා පෙරේරා 05/3, දෙව්මි විහං 04/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee