slc
Home   |    News
ජනවාරි 3, 2023
ලෝක කුසලාන තරගාවලියට මෙය හොඳ පෙරහුරුවක් – දසුන් ශානක

sinhala editor

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙර ඉන්දියාව සමඟ එක්දින හා විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට හැකිවීම ක්‍රීඩකයන්ට ලැබී ඇති හොද අවස්ථාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි 20 තරගාවලිය ආරම්භ කිරීමට මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එසේ පැවැසීය. තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය අද රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතය.

“එක්දින ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීමට පෙර සත්කාරක ඉන්දියාව හමුවීමට ලැබීම ඉතාම වැදගත්. එය ලෝක කුසලානයට පෙර හොඳ සූදානමක් වනු ඇති බව මතක තබා ගනිමින් මෙම තරඟාවලියට අප පිවිසෙන්නේ. අපේ බොහෝ තරුණ ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රීඩා කර නැති නිසා මෙවර ලෝක කුසලානය සිහියේ තබා ගනිමින් විස්සයි 20 හා එක්දින තරගාවලියට පිවිසීම වැදගත්.  මෙහි පවතින තත්ත්වයන් සහ පිතිකරණයට වඩාත් උචිත තණතීරු ක්‍රීඩකයන්ට ඉතා වැදගත්. මොකද මෙහි තණතීරු අපට ඉතාම සමීපයි“ යැයි දසුන් ශානක පැවැසීය.

නිත්‍ය නායක රෝහිත් ෂර්මා නොමැතිව ඉන්දීය කණ්ඩායම විස්සයි 20 තරඟාවලියට පිවිසීම ගැන දසුන් ශානක කතා කළ අතර, ප්‍රධාන ක්‍රීඩකයින් නොමැති වුවද සත්කාරකයින්ට එරෙහිව ක්‍රීඩා කිරීම සැමවිටම අභියෝගාත්මක බව සදහන් කළේය.

“නිමාවූ ලෝක කුසලානයේ දී අපට හොඳින් දස්කම් දැක්වීමට ඉඩක් ලැබුණේ නෑ. ඒ නිසා නව වසරේ ආරම්භක තරඟාවලියේ හොඳින් දස්කම් දැක්වීමට සියලු ක්‍රීඩකයන් පියවර ගත යුතුයි. ඉන්දීය කණ්ඩායම සැමවිටම හොඳ කණ්ඩායමක්. ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කිරීමට නම් ප්‍රතිවාදී කණ්ඩායම සෑම අංශයකින්ම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය. ඔවුන්ට එරෙහිව ඉන්දියාවේදී ජය ගැනීම අභියෝගයක්. නමුත් අපට ඉතා විශිෂ්ට කණ්ඩායමක් සිටින නිසා හොඳ ක්‍රීඩාවක් බලාපොරොත්තු විය හැකියි ”ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවසීය.

ආසියාවේ සහ ලෝක කුසලානය පැවැති ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තත්ත්වයන්ගේ වෙනස ගැන දසුන් ශානක මෙහිදී කරුණු දැක්විය. ” ආසියාවේ හා ඔස්ට්‍රේලියාවේ තණතිලි බොහෝ වෙනස්. බොහෝ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝක කුසලානයේ දී දස්කම් දැක්වූයේ නෑ. ආසියාවේ තත්ත්වයන්ට හුරුපුරුදු අය ඔස්ට්‍රේලියාවේදී තරමක් අසාර්ථක වෙනවා. ආසියාවේ තණතිලිවලදී ක්‍රීඩාව ආරම්භ කරන්නේ කෙසේද සහ පාලනය කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය දෙයක්. අපට පළමු විස්සයි 20 තරගය ඉතා වැදගත්. ඉන්දීය පිළේ පෙළගැස්ම වෙනස් කර ඇති බව පැහැදිලියි. පළමු තරගයේදී අපි හොඳින් දස්කම් දැක්වීම ඉදිරි තරගවලදී සෑම අතින්ම බලපානවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සදහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේදී, දෙවැන්න 5වැනිදා රාජ්කොට් හිදී හා අවසන් විස්සයි 20 තරගය 7වැනිදා රාජ්කොට් හිදී පැවැත්වීමට නියමිතය.

රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ඉන්දීය එක්දින පිල ජනවාරි 10 වැනිදා ගුවහාති හීදී ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට පිවිසේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest