slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2023
ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත

sinhala editor

ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට  සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නිල නොවන එක්දින තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත් දුෂාන් හේමන්ත පැවැසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග තුනකින් සමන්විත මෙම නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කී දුෂාන් හේමන්ත දඟ පන්දුවෙන් එංගලන්ත ක්‍රීඩකයෝ අසරණ කළේ තරග තුනේදීම ලකුණු 126කට කඩුලු 11ක් බිඳ දමා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි.

දුෂාන් හේමන්ත ඊයේ (21) පැවැති අවසන් එක්දින තරගයේදී ඕවර 10කදී නිලකුණු ඕවරයක් ද සමඟින් ලකුණු 27කට කඩුලු 3ක් බිදහෙලූ අතර, පළමු එක්දින තරගයේදී 10ක් යවා ලකුණු 56කට කඩුලු 3ක් හා දෙවැනි එක්දින තරගයේදී ඕවර් 8.1ක් යවා ලකුණු 43කට කඩුලු 5ක් බිදහෙලීය.

දකුණතින් පා දඟ පන්දු යවන 28 හැවිරිදි දුෂාන් හේමන්ත සාන්ත පීතර් විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණවී කෝල්ට්ස්, බදුරලිය හා සැරසන්ස් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළේය. ඔහු මේ වනවිට බී. ආර්. සී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වමින් සිටී.

“මේක රට වෙනුවෙන් ක්‍රීඩා කළ මගේ පළමු තරගාවලියයි. ඒ මුල්ම තරගාවලියේදී තරගාවලියේ වීරයා බවට පත්වී හොදින් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මට විශාල සතුටක් තියෙනවා. ඉදිරියේදී ලැබෙන ඕනෑම තරගයකදී රට වෙනුවෙන් ක්‍රීඩා කොට ජයග්‍රහණ වෙනුවෙන් කණ්ඩායමට දායකත්වයක්දීම මගේ එකම අපේක්ෂාවයි. මා ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග ආකෘති තුනම ක්‍රීඩා කරන්න කැමැතියි. මට වෙනසක් නෑ. ඕනෑම ආකෘතියක ක්‍රීඩා කරන්න පුලුවන් බවට හොද විශ්වාසයක් තියෙනවා. පළමු තරගයට එනවිට තරමක් පීඩනයක් තිබුණා. නමුත් තරගාවලිය හොදින් නිමා කිරීමට හැකිවීම පිළීබඳ සතුටට පත් වෙනවා“ දුෂාන් හේමන්ත පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර අංශය භාරව කටුයුතු කරන ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සෑම තරගයකම තරගයේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයින්ට වෙන වෙනම සම්මාන පිරිනැමුණු අතර දුෂාන් හේමන්ත තමන්ට හිමි වූ සම්මාන දෙක ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන සිහිවටන බවට පත්කර ගත්තේය.

“ මේ තරගාවලියේ පළමු තරගය පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක් වුණා. නමුත් දෙවැනි හා තෙවැනි එක්දින තරග පන්දු යවන්නන්ට පහසුව වැඩි කළා. තණතිල්ල දඟ පන්දුවට වඩාත් හොද වුණා. දඟ පන්දු යැවීමේ පුහුනුකරු සජීව වීරකොන් හොද අදහස් එක් කළා. ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ දුර්වලතා ඔහු අධ්‍යයන කොට අපට අවශ්‍ය දේ කරන්න උපදෙස් දුන්නා. ඒක කඩුලු බිද හෙලීමට පහසුවක් වුණා“

“ලෙග් ස්පින් එක තමයි ගොඩක්ම මා යොමු කළේ. ෆ්ලිෆර් පන්දුව අවශ්‍ය වෙලාවට යොදා ගත්තා. අවසන් තරගයේදී වේගය අඩු කරලා පන්දුව දඟ කැව්වා. නායකයා මට හොද පන්දු රකින්නන් අවශ්‍ය තැන්වලට යොදවා හොද සම්බන්ධීකරණයක් ලබා දුන්නා. සධීර සමග ක්‍රීඩා කිරීම පහසුයි. ඔහු ‘ඒ‘ කණ්ඩායමේ නායකයාවීම හොදයි. කුඩා කාලයේ සිට මා ඔහු සමග ක්‍රීඩා කළා“ දුෂාන් හේමන්ත අතීතය සිහිපත් කරමින් පැවැසීය.

“අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී මා පිතිකරුවෙකු ලෙස හා සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙස යොදා ගැනීමට එම කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කළා. අවසන් අවුරුදු දෙකේදී පන්දු යැවීමේ අංශයට ප්‍රමුඛත්වයදී පිතිකරණයේ යෙදුණා. මා පුංචි කාලේ ඉදලා ආසා වුණේ ‘බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක්‘ වෙන්නයි. දැන් ඒ මට්ටමට ළගා වීම ගැන සතුටුයි. ඉදිරියේදී තවත් හොදින් කළ හැකියි“

“ක්‍රීඩා සමාජයේදී මා අංක 4 හා 5 ස්ථානවල පන්දුවට පහර දුන්නා. ඒ ස්ථානයේ දස්කම් දක්වන්න මට පුලුවන් වුණා. මා අංශ කිහිපයේම හොදින් පුහුණු වුණා. ඒක මේ තරගාවලියට වාසියක් වුණා. අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට මා ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම දැන් පැමිණ තිබෙනවා. පොඩි පොඩි වෙනස්කම් කරලා අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියට හොදින් සූදානම් වෙනවා. මේ ජයග්‍රහණය මගේ විශ්වාසය වැඩි කරවන්නක් වුණා“ දුෂාන් හේමන්ත සදහන් කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee