slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2023
ගෝල් පිලට දැවැන්ත ඉලක්කයක්

sinhala editor

කළම්බු පිලේ පන්දු බළ ඇණිය ශක්තිමත් කිරීම උදෙසා සිටින නම් දැරූ ක්‍රීඩකයන් පිතිකරණ භූමිකාවේදී සාර්ථකවී අවසන් කඩුලු 5ට ලකුණු 177ක් එක් කිරීම හේතුවෙන් කළම්බු පිලෙන් ගෝල් කණ්ඩායමට මුල් ඉනිමේ ලකුණු 405ක දැවැන්ත ඉලක්කයක් ලබා දී තිබේ.

එහෙත් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් තරගයේ දෙවැනි දිනය (10 වැනිදා)නිමාවෙද්දී ගෝල් පිල කඩුලු 2ක් දැවී ලකුණු 131ක් ලබා ගැනීමට සමත් වීමෙන් තරගය උණුසුම් ස්වරූපයකට පරිවර්තනය වෙමින් පවතී. ගෝල් ආරම්භක පිතිකරු සංගීත් කුරේ ලකුණු 33කට දැවී ගිය අතර, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් හා ලක්ෂාන් එදිරිසිංහ නොදැවී ලකුණු 52ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු – ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු පිල මුලින් පන්දුවට පහරදී මෙම ඉලක්කය ඒල්ල කළේය.

මුල් පෙලේ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 23කට දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් තම යුතුකම ඉටුකළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පෙරේදා පළමු දිනයේදී පන්දු 205කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 21ක් එල්ලකොට ලකුණු 150ක් රැස් කළ අතර, පළමු දිනය නිමා වෙද්දී කළම්බු පිල කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා සිටියේය. ඒ් වෙද්දී නොදැවී ලකුණු 55ක් ලබා කඩුල්ලේ රැදී සිටි නිසල තාරක ඊයේ දිනයේ තවත් ලකුණු 27ක් ඒක්කරගෙන ලකුණු 82කට දැවී ගියේය.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 15කින්, තරිදු රත්නායක ලකුණු 28කින් හා උදිත් මධුෂාන් ලකුණු 18කින් ලකුණු පුවරව සරසද්දී වේග පන්දු යවන කසුන් රාජිත නොදැවී ලකුණු 34ක් ලබා කළම්බු පිල ඉහළට එසවූහ.

මෙම තරගයේ අවිශ්ක ප්‍රනාන්දු එල්ල කළ ලකුණු 150 තරගාවලියේ මෙවර පිතිකරුවෙකු ඉනිමකදී රැස්කළ දෙවැනි වැඩිම ලකුණු ගණන වූ අතර, මෙයට පෙර කැන්ඩි පිලේ ඔෂධ ප්‍රනාන්දු කළම්බු පිලට එරෙහිව එස්. එස්. සී පිටියේදී ලකුණු 201ක් ලබා ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය සටහන් කොට ඇත.

අවික ප්‍රනාන්දු හා දුෂාන් විමුක්ති අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනැගී කළම්බු ඉනිම ඉහළ ගොස් තිබියදී දුෂාන් විමුක්ති ලකුණු 40කට දැවී ගියේය. අනතුරුව 6 වැනි කඩුල්ලට අවිශ්ක හා නිසල තාරක අතර ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, අවිශ්ක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට පන්දු යැවූ සංගීත් කුරේ සමත් විය.

ගෝල් ආරම්භක පන්දු යවන්නා වූ කවිශ්ක අන්ජුල කඩුලු 4ක් දවා ගනිද්දී, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය. අද (10) තරගයේ තෙවැනි දිනයයි.

කළම්බු – පළමු ඉනිමට ලකුණු 405යි (ඕවර් 129.5)  – අවිශ්ක ප්‍රනාන්දු 150, දුෂාන් විමුක්ති 40, නිසල තාරක 82, ප්‍රභාත් ජයසූරිය 15, තරිදු රත්නායක 28, උදිත් මධුෂාන් 18, කසුන් රාජිත නොදැවී 34 ( කවිශ්ක අන්ජුල 67 /4, මොහොමඩ් ෂිරාස් 76/1, අසංක මනෝජ් 80/1, රමේෂ් මෙන්ඩිස් 81/3, සංගීත් කුරේ 9/1)

ගෝල් – පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 131යි  (ඕවර් 38) – සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 52 ( උදිත් මධුෂාන් 32/1, තරිදු රත්නායක 25/1)

 

 

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar