slc
logo
Home   |    News
පෙබරවාරි 25, 2023
ජැෆ්නා අසීරු අඩියක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 426ට පිළිතුරු ලෙස ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 220ක් ලබා ගත්හ. මේ හේතුවෙන් ජැෆ්නා පිල තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 3ක් අතැතිව පළමු ඉනිමේ තවත් ලකුණු 206ක් පසුපසින් සිටී.

ජැෆ්නා ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 4කට දැවීගිය අතර, රොන් චන්ද්‍රගුප්ත එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ලකුණු 97ක් ලබා ශතකය පෙනි පෙනී වනිදු හසරංගගේ පන්දුවකට දැවි ගියේය. අංක තුන පිතිකරු අවිශ්ක තරිදු ලකුණු 22ක් ලබා සිටියදී කෙලින්ම කඩුල්ල බිද දැමූ වනිදු හසරංග ජැෆ්නා ලකුණු වේගය අඩාල කළේය. නායක සධීර සමරවික්‍රම ලකුණු 34කට හා ජනිත් ලියනගේ ලකුණු 23කට දවැ ගැනීමට දඟ පන්දු යැවූ දුෂාන් හේමන්ත සමත් විය. තම තෙවැනි කඩුල්ල බිද දැමූ වනිදු හසරංග ෂශික දුල්ෂාන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළ අතර, චලන පද සිල්වාගේ පන්දුවක් හමුනේ ළහිරු මධුසංක ලකුණු 34කට දැවී ගියේය.

පී. සරා ඔවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම අවසන් පූර්ව තරගයේ පළමු දිනය නිමා වෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 289ක් ලබා සිටි අතර අද (24) දෙවැනි දිනයේදී ලකුණු 137ක් ඉනිමට එක්විය. අශාන් ප්‍රියංජන අර්ධ ශතකයට ලකුණක් අඩුව තිබියදී දැවීගිය අතර, දුෂාන් හේමන්ත හා ළහිරු සමරකෝන් එක්ව 9වැනි කඩුල්ලට ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

දුෂාන් හේමන්ත පන්දු 74කදී හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 37ක් ලබාගත් අතර, ළහිරු සමරකෝන් පන්දු 50කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමග වේගවත් ලකුණු 43ක් එක් කළේය. කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් දඹුල්ල පිලේ අංක තුන පිතිකරු ලෙස පවන් රත්නායක පන්දු 148කදී හයේ 3ක් හා හතරේ පහර 12ක් සමග ලකුණු 117ක් ලබා ගත් අතර, එය මෙම තචරගාවලියේ ඔහු සහභාගී වූ පළමු තරගයේදීම වාර්තා වූ ශතකයකි.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ගෝල්, දඹුල්ල, ජැෆ්නා සහ කැන්ඩි කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායමද දඹුල්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කණ්ඩායමද තරග වදිති.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන මාර්තු 2 වැනිදා සිට 5 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දඹුල්ල පළමු ඉනිමට ලකුණු 426යි ( ඕවර් 122.4) ගයාන් මනීෂාන් 51, අභිෂේක් ලියනාරච්චි 37, පවන් රත්නායක 117, සනෝජ් දර්ශික 47, අශාන් ප්‍රියංජන 49, චමිදු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 37, ළහිරු සමරකෝන් 43, ෂශික දුල්ෂාන් 131/6, ඒෂාන් මාලිංග 65/3

ජැෆ්නා – පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 220යි (ඕවර් 50)රොන් චන්ද්‍රගුප්ත 97, අවිශ්ක තරිදු 22, සධීර සමරවික්‍රම 34, ජනිත් ලියනගේ 23, ළහිරු මධුසංඛ 34, වනිදු හසරංග 42/3, ළහිරු සමරකෝන් 34/1, චලන ද සිල්වා 37/1, දුෂාන් හේමන්ත 51/2

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee