slc
Home   |    News
පෙබරවාරි 11, 2023
ජැෆ්නා පිල පළමු ජය ලබයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් එකම ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් කණ්ඩායම් 2 තරට එක්ව සිටි ජැෆ්නා කණ්ඩායම ප්‍රබල කැන්ඩි කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට අද (11 දා) පස්වරුවේදී සමත්විය. මෙම තරගය දින 3 කදී අහවර වීමද කැපී පෙනෙයී.

කඩුලු 6 කට ලකුණු 172 ක් තිබියදී තෙවැනි දිනය ඇරඹූ කැන්ඩි කණ්ඩායම අද දිනයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 222 කට දැවී ගියේය. පෙර දිනයේදී ලකුණු 51 ක් ලබමින් කඩුල්ලේ රැදී සිටි අහන් වික්‍රමසිංහ අද දිනයේදී ලකුණු 77 ක් ලබා සිටියදී දැවී නොයන්නට තරගය ඇතැම් විට සිව්වැනි දින දක්වා ඇදී යෑමට අවකාශ තිබිණ.

හදිසියේම පන්දු යැවීමට කැඳවූ නවෝද් පරණවිතානගේ පන්දුවක් හමු‌වේ අහන් වික්‍රමසිංහ දැවී යන විට පන්දු 101 කට මුහුණ දී සිටියේය. එම කඩුල්ලද සමඟින් පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කළ නවෝද් තවත් කඩුලු 3 ක් ද සමඟග සිය පන්දු යැවීම පන්දුවාර 3.3 කදී ලකුණු 16 කට කඩුලු 3 ක් වශයෙන් සටහන් කර ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ඒ සඳහා පන්දුවාර 65.1 ක් පන්දුවට පහර දුන්නේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. ඒ වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ධනංජය ද සිල්වා ලකුණු 82 ක් දවා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම රැදී සිටියේය. පන්දු 100 කට මුහුණ දුන් දකුණත් පළපුරුදු පිතිකරුවා අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිස තම ඉනිමට හතරේ පහර 10 ක් එල්ල කළේය. ඔහුට අමතරව නවෝද් පරණ විතාන ලකුණු 27 ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 41 කින් දායකත්වය දැක්වූහ.

7 වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වාට එකතු වුණු ළහිරු මදුශංක 7 වැනි ‌කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳුණු සම්බන්ධතාව ලකුණනු 94 ක් විය. එහිදී ළහිරුගේ දායකත්වය ලකුණු 28 කිනි.

කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 265යි (ඕවර් 66.1)  – කසුන් විදුර 13, ඹෂධ ප්‍රනාන්දු 33, සදුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් කුමාර 22, අම්ෂි ද සිල්වා 17, අශේන් ඩැනියෙල් 11 ( ෂශික දිල්ෂාන් 70/ 4, බිනුර ප්‍රනාන්දු 34/3, රවිදු ප්‍රනාන්දු 55/2, ළහිරු මධුසංඛ 42/1)

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 245යි (ඕවර් 65.1) – නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 129, ෂසික දුල්ෂාන් 15, ධනංජය ද සිල්වා 12, රවිදු ප්‍රනාන්දු 12 (ළහිරු කුමාර 52/3, අම්ෂි ද සිල්වා 60/2, වනුජ සහන් 50/3, නිම්සර අතරගල්ල 39/1)

කැන්ඩි – දෙවැනි ඉනිමට ලකුණු 222යි (ඕවර් 61’5)   – කසුන් විදුර 29, තනුක දාබරේ 21, ඔෂධ ප්‍රනාන්දු 27, නිරෝෂන් දික්වැල්ල 25, අහන් වික්‍රමසිංහ 77, වනුජ සහන් කුමාර 12, අෂෙයින් ඩැනියෙල් 12, ශෂික දල්ෂන් 74/4, බිනුර ප්‍රනාන්දු 20/2, නවෝද් පරණවිතාන 16/3)

ජැෆ්නා දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී ලකුණු 243 යි – (ධනංජය ද සිල්වා 82, රොන් චන්ද්‍රගුප්ත 20, නවෝද් පරණවිතාන 37, සදීර සමරවික්‍රම 41, ජනිත් ලියනගේ 20, ළහිරු මදුශංක 28, වනුජ සහන් 95/2)

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest