slc
Home   |    News
පෙබරවාරි 16, 2023
ජැෆ්නා 130ට දැවී යයි: ගෝල් කඩුලු 4ක් දැවී 193යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල හා ජැෆින් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (16) ආරම්භ වූ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ජැෆ්නා පිල ලකුණු 130කට සීමා කිරීමට ගෝල් පන්දු යවන්නෝ සමත්වූහ. කළම්බු පිලේ ආරම්භක වේග පන්දු යැවූ මොහොමඩ් සිරාෂ් ආරම්භයේ සිටම තර්ජනාත්මකව පන්දු යැවීම හේතුවෙන් ජැෆ්නා පිතිකරුවෝ අසීරුතාවට පත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ගෝල් ක්‍රීඩකයෝ 4ක් දැවී ලකුණු 193ක් ලබා සිටී. ඒ අනුව මෙම තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටින ගෝල් පිල පළමු ඉනිමේ ලකුණු පරතරය අනුව කඩුලු 6ක් අතැතිව ලකුණු 63කින් ඉදිරියෙන් සිටී. දවසේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූ ෂොහාන් ඩී ලිවේරා නොදැවී ලකුණු 105ක් ලබා සිටින අතර, පැතුම් කුමාර නොදැවී ලකුණු 42ක් ලබා සිටී.

ගෝල් පළමු කඩුල්ල ලෙස නායක සංගීත් කුරේ ලකුණු 3කට දැවී ගිය අතර ලක්ෂාන් එදිරිසිංහ හා පසිදු සුරියාරච්චි ලකුණු 16 බැගින් ලබා සිටියදී දැවී ගියහ. මේ හේතුවෙන් ගෝල් පළමු කඩුලු 3ක් ලකුණු 66දී දැවී ගොස් තිබියදී එක් අන්තයක් ආරක්ෂා කර සිටි ආරම්භක පිතිකරු ෂොහාන් ඩී ලිවේරා පන්දු 146කදී හතරේ පහර 12ක් එල්ල කොට ලකුණු පුවරුව ඉහළ දැමීය. පැතුම් කුමාර පන්දු 92කට මුහුණදී හතරේ පහර 4ක් තම ඉනිමට එල්ලකොට සිටී.

කාසියේ වාසිය දිනාගත් කළම්බු පිල මුලින් පන්දුවනට පහරදීමට ජැෆ්නා පිලට ආරාධනා කළ අතර පළමු කඩුලු දෙක ලකුණු දෙකකට දවා ගැනීමට මොහොමඩ් සිරාෂ් සමත් වූවේය. ජැෆ්නා ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හා දේශාන් ඩයස් ගොදුරු කර ගැනීමට සමත් වූ මොහොමඩ් සිරාෂ් ජනිත් ලියනගේ ලකුණු 20කට හා අවිශ්ක තරිදු ලකුණු 7කට දවා ගැනීමත් සමග ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 57ක් විය. ජැෆ්නා පිලේ එකා පිට එකා දැවී යද්දී නවෝද් පරණවිතාන ලකුණු 39ක් හා බිනුර ප්‍රනාන්දු ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වූහ.

ජැෆ්නා පිල පසුගිය සතියේදී කැන්ඩි පිලට එරෙහි තරගයේදී තරගය නිමාවීමට දිනක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 245යි (ඕවර් 65.1) නවෝද් පරණවිතාන 39, ජනිත් ලියනගේ 20, ළහිරු මධුසංක 11, බිනුර ප්‍රනාන්දු 37 (මොහොමඩ් සිරාෂ් 60/5, අකිල ධනංජය 24/2, කෞමාල් නානායක්කාර 13/2)

ගෝල් – පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 193යි (ඕවර් 49)ෂොහාන් ඩී ලිවේරා නොදැවී 105,  ලක්ෂාන් එදිරිසිංහ 16, පසිදු සුරියාරච්චි 16, පැතුම් කුමාර නොදැවී 42 ( බිනුර ප්‍රනාන්දු 42/1, ළහිරු මධුසංක  35/2, ෂශික දිල්ෂාන් 25/1 )

 

 

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest