slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2023
දඟ පන්දුව අපේ ප්‍රධාන තුරුම්පුවයි – විශ්මි ගුණරත්න

sinhala editor

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය දකුණු අප්‍රිකාවේ සාන්ත ජෝජියා පාක් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පස්වරු 6.30ට ආරම්භ වෙයි.

වත්මන් විස්සයි 20 ශූරියන් වන ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකා පිල විශාල ආත්ම විශ්වාසයකින් පිටියට පිවිසීම විශේෂත්වයකි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම තරගාවලියේ නිමාවට පත්වූ දකුණු අප්‍රිකාව සමග තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 3කින් හා බංග්ලාදේශයට එරෙහි තරගය කඩුලු 7කින් ජය ලබා පෙරැලිකාරී තත්ත්වයකට පත්ව සිටීම හේතුවෙනි.

සාන්ත ජෝජියා පාක් තණතිල්ල දඟ පන්දු යවන්නියන්ට වඩාත් හිතකර වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රීඩිකා විශ්මි ගුණරත්න විශ්වාසය පළ කළාය. මෙතෙක් පැවැති තරගවලදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් මෙල්ල කිරීමේ හොදම තුරුම්පුව බවට දඟ පන්දු යවන්නියන් පත් වූ ආකාරයෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහි අද තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන්ගේ කාර්ය භාරය අති විශාල වනු ඇතැයි දකුණු අප්‍රිකාවේ පැවැති මධ්‍ය හමුවකදී විශ්මි සදහන් කළාය.

“ ආසියානු රටවල ක්‍රීඩිකාවන්ගේ දඟ පන්දු යැවීම ඉතා හොදයි. තරගයකදී වඩාත්ම හොද අපේ ශක්තියත් ඒ දඟ පන්දු යැවීමයි. වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමග තරග කරද්දී අපට යම් පීඩනයක් තිබෙනවා. නමුත් අපගේ සියලු ක්‍රීඩිකාවන් හොද විශවාසයක් ඇතිව අද තරගයට පිවිසීම ජයග්‍රහණයට හොද අඩිතාලමක්“ විශ්මි පැවැසූවාය.

චමරි අත්පත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව නැවුම් අභියෝගයක් ඔස්ට්‍රේලියාවට එල්ල කරනු ඇතැයි විචාරක මතයවී ඇති හෙයින් මේ තරගය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී. දැනටමත් තරග දෙකක් ජය ලබා සිටින ශ්‍රී ලංකාවට මේ තරගය ජයගැනීමට හැකි වුවහොත් කිසිදු බාධාවකින් තොරව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව පවතී.

වමතින් දඟ පන්දු යවන ජෙස් ජොන්සන් යළි ඔස්ට්‍රේලියා පිලට පැමිණ සිටින අතර, ඇලනා කිං සමඟ සාන්ත පිටියේ පා දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුගේ සේවය ලබා සිටී.

තම උපරිම දක්ෂතා දැක්වීම පුරුද්දක් කරගත් ශ්‍රී ලංකා නායිකා අතපත්තුගෙන් එල්ල වන තර්ජනයට ඔස්ට්‍රේලියාව ද සූදානම් වනු ඇත. 2019 ඕස්ට්‍රේලියානු සංචාරයේදී ද්විත්ව ශතක රැස් කළ ඇය ප්‍රධානතම බලාපොරොත්තුවකි.

ශ්‍රී ලංකාව සිටින පළමු කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සම දක්ෂතා දක්වා ඇති අතර දෙපිලම ලකුණු සටහනේ ලකුණු 4 බැගින් ලබා ඇත. දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටින අතර, ඔවුන් තරග දෙකකට සහභාගීවී තරගයක් පරාජයවීම හේතුවෙන් ලකුණු 2ක් ලබා ඇත. නවසීලන්තය හා බංග්ලාදේශය සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව සිටිති.

 

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee