slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2023
වනිඳු හසරංග යළිත් අංක 1 ට

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 අංශයේ පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පැමිණීමට වනිදු හසරංග සමත්ව සිටියි. ඇෆ්ගනිස්තානු පා දඟ පන්දු යවන රශීඩ් ඛාන් අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 3 දී දවා ගැනීමට සමත්ව ඇත්‌තේ කඩුලු 4 ක් පමණක් වන බැවින්, වනිඳුට අංක 1 ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව මහීෂ් තීක්ෂණ 11 වැනි ස්ථානයේද ළහිරු කුමාර 55 වැනි ස්ථානයේද, චාමික කරුනාරත්න 63 වැනි ස්ථානයේ ද සහ දුෂ්මන්ත චමීර 69 වැනි ස්ථානයේද පසුවෙති.

එමෙන්ම විස්සයි-20 තරග ක්‍රීඩාව ආරම්භයේ සිට මේ දක්වා නියෝනය කර ඇති පන්දු යවන්නන් ගෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරන ලද ශ්‍රේණිගත කිරීමේදී වනිඳු 9 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටීමද කැපී පෙනෙයි. හොඳම පන්දු යවන්නා ලෙසින් අංක 1 දිනා ගැනීමට අමතරව ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වැනි ස්ථානයද වනිඳුගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

විස්සයි-20 පිතිකරුවන් අතර සූර්යකුමාර් යාදව් පෙරමු‌ණ ගෙන සිටින අතර පැතුම් නිස්සංක 13 වැනි ස්ථානයේතී, චරිත් අසලංක 33 වැනි ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් 35 වැනි ස්ථානයේතී, භානුක රාජපක්ෂ 41 වැනි ස්ථානයේත්, දසුන් ශානක 42 වැනි ස්ථානයෙත් සහ ධනංජය ද සිල්වා 92 වැනි ස්ථානයේත් රැදී සිටිති.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee