slc
Home   |    News
පෙබරවාරි 8, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ –  එංගලන්ත ලයන්ස් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව

sinhala editor

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොමිලේ  නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවේ. එක්දින තරග තුන මේ මස 15. 18 සහ 21 යන තෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඊට  අමතරව ගාල්ලේ  ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගය සහ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය රූපවාහිනී “අයි” චැනලය  ඔස්සේද විකාශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ.

ලංකා ඒ සහ එංගලන්ත ලයන්ස්  කණ්ඩායම් අතර පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගය අ ජයපැරදුමින් තොරව නිමාවට පත්වුවත්  සිව්දින  සවස්වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නටම  පැමිණි  අවස්ථාවේ වර්ෂාවෙන් බාධා වීම නිසා ජයග්‍රහණය වැළකී ගියේය .

ප්‍රථම  සිව්දින තරගයේදී  ලංකා පිලවෙනුවෙන් නිශාන් මධුශ්ක ද්විත්ව ශතකයක් රැස්කළ අතර දෙවන  ටෙස්ට් තරගයේදී ලසිත් කෘස්පුල්ලේ  ප්‍රථම දිනයේම ශතකයක් ලැබීය

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest