slc
logo
Home   |    News
පෙබරවාරි 24, 2023
ෂෙහාන් ඩී ලිවේරාගෙන් පිට පිට ශතක 2ක්

sinhala editor

ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ තරග දෙකේදී පිට පිට ශතක දෙකක් රැස් කරගත් 22 හැවිරිදි ගෝල් පිලේ ෂොහාන් ඩී ලිවේරා අද කැන්ඩි පිලට එරෙහි තරගයේදී ගෝල් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් ගෝල් හා කැන්ඩි අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගෝල් පිල දිනය නිමා වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 356ක් ලබා සිටියේය.

පසුගිය සතියේ ජැෆ්නා පිලට එරෙහි තරගයේදී ලකුණු 143ක් ලබාගත් ෂොහාන් ඩී ලිවේරා අද දිනයේ ලකුණු 133ක් ලබා පැහැදිලි අනාගතයක් ඇති යොවුන් පිතිකරුවෙකු බවට තම දක්ෂතා  ප්‍රදර්ශනය කළේය. ඔහු පන්දු 203කට මුහුණ දී හතරේ පහර 12ක් ඉනිමට ඇතුලත් කළේය. කැන්ඩි පිලේ දකුණත් පා දඟ පන්දු යවන සචිත්‍ර පෙරේරා එවූ පන්දුවකට කඩුලු රකින ළහිරු උදාර අතට උඩ පන්දුවක් දී ෂොහාන් ඩී ලිවේරා දැවී ගිය අතර, ඔහුට අනගි සහයක් දුන් 23 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර පන්දු 168කදී හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු 95ක් ලබා ශතකය ආසන්නයේ සිටී. දිනය නිමාවෙද්දී අනෙක් අන්තයේ සිටින දුනිත් වෙල්ලාලගේ පන්දු 51කදී හතරේ පහර 3ක් සමග ලකුණු 31ක් ලබා සිටියේය.

ගෝල් ආරම්භක පිතිකරුවන් වූ ෂොහාන් ඩී ලිවේරා හා සංගීත් කුරේ පිටියට පිවිසි අතර, පළමු කඩුල්ලට ලකුණු 59ක් එක්ව තිබියදී සංගීත් විජේසූරිය ලකුණු 27ක් ලබා සිටියදී දැවී ගියේය. ඔහු පන්දු 41කට මුහුණදී හතරේ පහර 4ක් එල්ල කොට සිටියදී ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ සදුන් වීරක්කොඩි වෙත උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.

අනතුරුව ‍ෂොහාන් හා ලක්ෂාන් එදිරිසිංහ අතර ලකුණු 91ක සම්බන්ධතාවක් දෙවැනි කඩුල්ලට ගොඩනැගුණු අතර, ලක්ෂාන් එදිරිසිංහ අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 49කට දැවී ගියේ පන්දු 89කදී හතරේ පහර 6ක් එක්කර සිටියදීය. බිදවැටුණු කඩුලු තුන අමිෂ් ද සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය හා සචිත්‍ර පෙරේරා අතර බෙදී ගියහ.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ගෝල්, දඹුල්ල, ජැෆ්නා සහ කැන්ඩි කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායමද දඹුල්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කණ්ඩායමද තරග වදිති.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ගෝල් – පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 356 (ඕවර් 90) – ෂොහාන් ඩී ලිවේරා 133‍, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසිංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 95, දුනිත් වෙල්ලාලගේ නොදැවී 30 ( අමිෂ් ද සිල්වා 59/1, ලසිත් ඇඹුල්දෙනිය 119/1, සචිත්‍ර පෙරේරා 58/1)

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar