slc
logo
Home   |    News
පෙබරවාරි 14, 2023
ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් ‘බෝනස්’ එකකුත්

sinhala editor

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් සුදු පන්දුවෙන් කෙරෙන එක්දින සහ විස්සයි-20 යන අංශයන්හි මෙතෙක් ක්‍රීඩිකාවන්ට ලබාදෙනු ලබන ඩොලර් 250 ක මුදල වෙනුවට එය ඩොලර් 750 දක්වා වැඩි වනු ඇත.

ජනවාරි මස 31 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමදී උක්ත තීරණය ගෙන තිබේ. එහිදී ක්‍රීඩා කරන 11 දෙනාට අමතරව කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන්ටද තරග ගාස්තුවෙන් 25% ක මුදලක් ලබා දෙනු ඇත. ඒ හැරුණු විට ද්වීපාර්ශ්වික තරගාවලියක් හෝ ලෝක කුසලාන වැනි තරගාවලියක තරගයක් ජයග්‍රහණය කළ හොත් සෑම ක්‍රීඩිකාවකටම ඇමරිකනු ඩොලර් 250 බැගින් ප්‍රසාද දීමනාවක් පිරිනැමීමටද එකී රැස්වීමේදී තීරණය කර තිබේ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කරමින් ක්‍රීඩිකාවන්ව තව තවත් සවිබල ගැන්වීමේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලබන උත්සාහයේ කොටසක් ලෙසින් මෙම දීමනා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම සියලු ගෙවීම් 2023 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest