slc
Home   |    News
මාර්තු 9, 2023
දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව

sinhala editor

නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය.

අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ දී අවසාන පූර්ව තරගය නිම වන විට ලකුණු 448ක් ලබා සිටියේ ශතක දෙකක් සහ අර්ධශතක තුනක් සමගය.  කැන්ඩි කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවූයේ නම් මීට වඩා ඉදිරියට ඒමේ හැකියාව තිබිණ.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන අහන් පාසල් වියේදීම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් විණි.  තිළිණ කන්ඩම්බි සහ ජෙහාන් මුබාරක්, අහන් වික්‍රමසිංහගේ පුහුණුකරුවන් වූ අතර පාසල් දිවියෙන් පසුව වසර තුනක්ම එකදිගට නියෝජනය කළේ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්. සී. සී. ක්‍රීඩා සමාජයයි.

කණ්ඩායමේ කඩුලු රකින්නා සහ අංක හය පිතිකරු ලෙස පිටියට පිවිසෙන අහන් පන්දුවට පහරදීමේ දී වඩාත්ම කැමැත්තක් දක්වන්නේ දඟපන්දු යවන්නන්ට මුහුණ දී පහසුවෙන් ලකුණු රැස්කිරීම යැයි ද පවසයි.

“නැෂනල් සුපර්ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂම පිතිකරුවන් සහ පන්දු යවන්නන් සියල්ලම සහභාගි වනවා.  එවැනි තරගාවලියක දක්ෂතම පිතිකරුවීම සතුටට කරුණක්” යැයි අහන් වික්‍රමසිංහ පවසයි.

ඔහුගේ ඉදිරි අනාගත සැලසුම් පිළිබඳව අහන් ප්‍රකාශ  කළේ මේ දිනවල පවතින අවුරුදු 23න් පහළ තරගාවලියේදීත් දස්කම් පෙන්වා ශ්‍රී ලංකා ‘ඒ’ හෝ එමර්ජින් කණ්ඩායම් නියෝජනය කිරීමේ වරමට අවස්ථාව උදාකර ගැනීම වන බවයි.

 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest