slc
logo
Home   |    News
මාර්තු 20, 2023
පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්

sinhala editor

අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (20 දා) සමත්විය.

සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 229 ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.3 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය සුරා ගැනිමට සමත්විය.

ශ්‍රී ලංකා යොවුන් පිලල වෙනුවෙන් ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන පන්දු 122 කදී ලකුණු 101 ක් ලබා ශ්‍රී ලංකා පිල ජය ටැඹ කරා රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 කින් සමන්විත වුණු සිනෙත් ආරම්භක පිතිකරු හිරුන් කපුරු බණ්ඩාර සමඟ එක්ව පළමු කඩුල්ල ‌වෙනුවෙන් ලකුණු 95 ක් එක් කළහ. කපුරු බණ්ඩාර ලකුණු 52 ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ල ලෙස කපුරුබණ්ඩාර දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි දිනුර කලුපහන සහ ‌සහ ‌නායක ෂෙවෝන් ඩැනියල් දෙදෙනාට ලකුණු 15 සීමාව ඉක්මවාලීමට අස්ථාව නොවීය. ‌මෙහිදී කලුපහන ලකුණු 10 ක් සහ ඩැනියල් ලකුණු 15 ක ලබා පිටියෙන් ඉවත් වද්දී අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි හිරාන් ජයසුන්දර පන්දු 42 කදී ලකුණු 35 ක් ලබා ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ද සමඟින් ජයසුන්දර ඉක්මන් ඉනිමක් ක්‍රීඩා කළත් ජයග්‍රහණයට ලකුණු 02 ක් ඉතිරිව තිබියදී ඔහු දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි මල්ෂ තරුපති මුහුණ දුන් පළමු පන්දුව හයේ සීමාවට යවමින් ශ්‍රී ලංකා ජයග්‍රහනය තහවුරු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අති දක්ෂ පිතිහරඹයක නියැළුණු සිනෙත් ජයවර්ධන තම ඉනිම සඳහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් එල්ල කළේය.

බංගලාදේශ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීම වෙනුවෙන් මල්ෂ තරුපති පන්දු යැවීමෙන් කැපි පෙනිණ. පන්දුවාර 10 ක් යැවූ මල්ෂ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගගත්තේය.

තරගයේ වීරයා – සිනෙත් ජයවර්ධන

බංග්ලාදේශය පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 229 යි – (එම්.ඩී. චෞද්‍රි 38, ජිෂාන් අලාම් 40, අරිෆුල් ඉස්ලාම් 17, අහරාර් අමීන් 50, එම්. ශියාබ් 16, අශිකිර් රෙහ්මාන් 18, මල්ෂ තරුපති 35/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 44.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 234 යි – (සිනෙත් ජයවර්ධන 101, හිරුන් කපුරුබණ්ඩාර 52, දිනුර කලුපහන 10, ෂෙවෝන් ඩැනියල් 15, හිරාන් ජයසුන්දර 35, ජිෂාන් අලාම් 31/3)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee