slc
logo
Home   |    News
මාර්තු 7, 2023
පූර්ණ තරගාවලි ජයක් බලාපො⁣රොත්තු වෙනවා – දිමුත්

sinhala editor

නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම තම කණ්ඩායමේ එකම සැලසුම බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. කලකට පසු උදාවූ මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම උදෙසා ශ්‍රී ලංකා පිලේ සියලු ක්‍රීඩකයන් ශාරීරිකව හා මානසිකව හොද සූදානමකින් සිටින බව කරුණාරත්න පැවැසීය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා මේ බව පැවැසූවේ ක්‍රයිස්චර්ච් හී දී පැවැති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර තරග සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා (9) ආරම්භ වීමට නියමිත අතර, ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව සමග ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූ‍රතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.

“මේක අපට හොද අවස්ථාවක්. අපේ ක්‍රීඩකයන් සියයට සියයක් තරගාවලියට සූදානමින් සිටිනවා. මෙහේ මේ දිනවල රස්නය ටිකක් තියෙන නිසා තණතිලි දඟ පන්දු යවන්නන්ට හොද වෙයි කියා හිතනවා. අප වෙනදා එන්නේ දෙසැම්බර් කිට්ටු වෙලා. නමුත් මෙවර මාර්තු වෙද්දී පැමිණියේ. මේ දවස්වල නවසීලන්තයේ කාලගුණය වෙනස්. රදල්ලේ පුහුණුවී පැමිණීම යම් වාසියක්“ දිමුත් පැවැසීය.

“ මාස 8කින් ටෙස්ට් තරගාවලියකට අපි සහභාගී වී නෑ. අපි මෙහේ ඇවිත් එක දවසයි ක්‍රීඩා කළේ. මැච් එකට ගියාම මුල් ඕවර් දෙක තුනේදී විශ්වාසය ඇති කර ගන්නා විදිහේ සැලසුමකට යා යුතුයි. නමුත් ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මේ අභියෝගය හැම ක්‍රීඩකයෙකුටම තියෙනවා. පීඩනයත් සමග සෙල්ලම් කරනකොට යම් සීමිත ඉඩකඩක් තුල ක්‍රීඩා කරන්න වෙනවා. ආරම්භක පිතිකරුවෙකු ලෙස මා මෙහිදී සාර්ථකවී තියෙනවා. ඒ නිසා මෙතෙක් ගත්ත තීරණ ඒ විදිහටම කරනවා“

“කණ්ඩායමේ සංයුතිය අප තාම තීරණය කරලා නෑ. දැනට වේග පන්දු යවන්නන් තිදෙනකු හා දඟ පන්දු යවන්නෙකු කෙරෙහි කල්පනා කරමින් සිටිනවා. තරගය ආරම්භ කිරීමට තවත් තීරණ කිහිපයක් ගත යුතු වෙනවා. ධනංජයට අමතරව තව දඟ පන්දු යවන්නෙකු යොදවා ගැනීමට අපේක්ෂා කරනවා. තණතිලිවල තණකොළ ටිකක් වැඩියි. නමුත් අපට වාසිදායක කරගත යුතුයි“

“කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරයි. වේග පන්දු යවන මිලාන් හොදින් පන්දු යවමින් සිටිනවා. මේ තරගයෙන් පසුව හොදින් පන්දු යවන ක්‍රීඩකයන්ට කණෟඩායමේ අවස්ථාව හිමි වෙනවා. ඉස්සෙල්ලාම පළමු තරගය දිනන්න අවශයයි. ඒ වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් මහන්සි වෙනවා. නිශාන් හොදින් පන්දුවට පහර දෙනවා. නමුත් පිතිකරු සංයුතිය අනුව ඔහුට පළමු තරගයේ අවස්ථාව අඩුයි. යම් විදිහක ක්‍රීඩක ආදේශයක් කරන්න වුණොත් නිශාන් මුල් පෙළේ පිතිකරුවෙකු ලෙස දෙවැනි තරගයේදී ක්‍රීඩා කරයි. දික්වැල්ල කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරනවා. ඔහු අවසන් පිතිකරුවන් අතර ලකුණු ලබා ගැනීමේ දක්ෂයෙක්. නිශාන් මධුෂ්කත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු ලෙස සිටිනවා“ දිමුත් සදහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරග 19කින් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරග 2ක් පමණි. ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලි 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කර ගැනීමට සමත් විය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී කේන් විලියම්සන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ මිතත්ණියගේ අභාවය හේතුවෙන් විලියම්සන් ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමීත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගය සදහා සහභාගී වීම අවිනිශ්චිත බව කලින් වාර්තාවී තිබිණි.

Active filters

Recent Posts

  • ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
    තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ […]
  • අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම […]
  • ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි
    ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් […]
  • දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ […]
  • පස්වන එක්දින තරගයේ ජයත් ඇෆ්ගනිස්තානයට
      ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගැනීමට අද (07) ඇෆ්ගනිස්තාන […]

Pin It on Pinterest

USD United States (US) dollar