slc
logo
Home   |    News
මාර්තු 12, 2023
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

sinhala editor

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල්  පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරකට පැමිණ තිබේ. තරගයේ අවසන් දිනය වන විට අද (12 දා) තරගය  කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය වී ඇත්තේ සත්කාරකයින්ට ජයග්‍රහණයට ලකුණු 257 ක්ද සංචාරකයින්ට කඩුලු 9 ක්ද දවාගත යුතුවන තත්ත්වයක් උදාව තිබෙන බැවිනි.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගෙ ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන්  දවා ගැනීම සඳහා පන්දුවාර අනූවක් හෝ ඇතැම් ඇතැම් විට ඊටත් වඩා ඉතිරිව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම අද (12 වැනිදා ) දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියි.

<span;>නවසීලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල විය හැකි යැයි  අපේක්ෂා කළ හැකි හිටපු නායක කේන් විලියම්සන්  සහ ආරම්භක පිතිකරු ටොම් ලේතම් ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

නවසීලන්ත කණ්ඩායම මීට පෙර එරට තුළ දී වාර්තා කර ඇති හොඳම ජයග්‍රාහී ලකුණු හඹා යෑම වන්නේ වන්නේ පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 324ක් හඹා යෑමය.

නවසීලන්ත වේගපන්දු බල ඇණිය හමුවේ නැගී සිටි 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුවලට සිය ප්‍රහාරය දියත් කරමින් රැස් කරන ලද අගනා ශතකය ලකුණු 115 ක් දක්වා දික්වූ අතර මැට් හෙන්රි ගේ පන්දුවක් පිත්තේ ගෑවී ගොස් කඩුලු රකින්නා  ගේ දෑතේ  හිර නොවන්නට නවසීලන්තයට මීටත් වඩා ලොකු ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබිණි.

තෙවැනි දිනයේ දී ලකුණු 85කට කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකා ඉනිම නතර කරන විට කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තු  ලෙස සිටි නායක දිමුත් කරුණාරත්න,ඕෂධ ප්‍රනාන්දු සහ පළමු  ඉනිමේ වැඩිම ලකුණු  ලාභියා වූ කුසල් මෙන්ඩිස් ද නැවත ක්‍රීඩාගාරය කරා ගොස් සිටියහ.

එහිදී නොදැවී ලකුණු විස්සක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේ දී දිනේෂ් චන්දිමාල් සමග ශතක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කර ගෙන ඒමට සිය අත්දැකීම් සමුච්චය මැනවින් ප්‍රයෝජනයට ගත් හ.

දිනේෂ් චන්දිමාල් වටිනා ලකුණු 42ක් කණ්ඩායමට එකතු කළ අතර අනතුරුව මැතිව්ස් ශතකය කරා ගියේ ධනංජය ද සිල්වා අනෙක් අන්තයේ සිට ලබාදුන් සහය මතිනි.

තරගයේ 91 වැනි පන්දු වාරය ආරම්භ වන විට ශතකයට ලකුණු 05ක් මෙපිටින් සිටි මැතිව්ස් බ්ලෙයාර් තික්නර් ගේ එම පන්දු වාරයේ පළමු පන්දු දෙකටම අලංකාර  හතරේ පහර දෙකක් එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එම පන්දු වාරයේ 5 වැනි පන්දුවත් හතරේ සීමාවට ඇදී ගියේ මැතිව්ස් ගේ ෆුල් පහරේ ජවය ප්‍රතිවාදීන් ට පෙන්වමිනි.

මැතිව්ස් ගේ දැවී යාමෙන් පසුව අවසන් පිතිකරුවන් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව කරා රැගෙන ගිය ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 47ක නොදැවුණු ඉනිමක් ලෙස සටහන් වූයේ මැට් හෙන්රි සහ ටිම් සවුති විසින් පසු පෙළ පිතිකරුවන් දඩයම් කිරීම හමුවේය.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා පළමු ඉනිම 355 (කුසල් මෙන්ඩිස් ලකුණු 87, දිමුත් කරුණාරත්න ලකුණු 50, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47, ධනංජය ද සිල්වා ලකුණු 46, දිනේෂ් චන්දිමාල් ලකුණු 39, ටිම් සවුති ලකුණු 64/5, මැට් හෙන්රි ලකුණු 80/4)

නවසීලන්ත කණ්ඩායම පළමු  ඉනිම ලකුණු 373 – (ඩැරල් මිචෙල්  102,මැට් හෙන්රි 72, ටොම් ලැතම් ලකුණු 67,නීල් වැග්නර් 27,  ලහිරු කුමාර ලකුණු 76/3, අසිත ප්‍රනාන්දු ලකුණු 85/04, කසුන් රාජිත ලකුණු 104/2)

නවසීලන්තය දෙවෙනි ඉනිම 28/1- (කසුන් රාජිත ලකුණු 05/ 1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee