slc
Home   |    News
මාර්තු 18, 2023
මිනෝද්ගේ ශතකයෙන් දඹුල්ල අපරාජිතව ඉදිරියටම

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මාර්තු 17 වැනිදා පැවැති තරග අතුරින් පිට පිටම තෙවැනි ජයත් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 7 ක ජයක් අත්කර ගත් දඹුලු ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටිති.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු පිතිහරඹයක් දියත් කළ මිනෝද් භානුක පන්දු 87 කදී ලකුණු 104 ක් ලබා ගැනීම කැපී පෙනුණි. හතරේ පහර 15 ක් ඇතුළත් වුණු මිනෝද්ගේ ඉනිම නිසා ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 216 කිසිදු අපයසුවකින් තොරව 38 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී සපුරා ගත්තේ කඩුලු 7 ක්ම ඉතිරිව තබා ගනිමිනි.

ඉනිම ආරම්භක කළ භානුක අභිෂේක් ලියනාරච්චි සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් වාර්තා කරමින් ජයග්‍රහණයට සාර්ථක අඩිතාලමක් එක් කළහ. පන්දු 98 කදී වාර්තා වුණු එම ඉනිමේදී අභිෂේක් ලියනාරච්චි පන්දු 61 කින් ලකුණු 43 ක් ලබා ගත්තේය.

දඹුල්ල නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම ළහිරු සමරකෝන් ප්‍රමුඛ පන්දු යවන්නන් හමුවේ හිස එසවීමට නොහැකි විය. කැන්ඩි පිල වෙනුවෙන් සඳුන් වීරක්කොඩි සහ නායක සහන් ආරච්චිගේ පමණක් අර්ධ ශතක ලබා ගනිද්දී පන්දුවාර 50 ඉනිම 47.5 කදී නිමාවට පත් කරන ලද්දේ ළහිරු සමරකෝන් සිය නම ඉදිරියෙන් කඩුලු 4 ක් සටහන් කර දමමිනි. පන්දුවාර 9 ක් යවා තිබූ ළහිරු සිය කඩුලු 4 දවා ගැනීම වෙනුවෙන් ලකුණු 39 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දී තිබුණි.

මෙම තරගාවලියට ප්‍රථම පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේද මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම වේ.

කැන්ඩි පන්දුවාර 47.5 කදී ලකුණු 215 –  (සඳුන් වීරක්කොඩි 67, සහන් ආරච්චිගේ 53, අහන් වික්‍රමසිංහ 24, නුවන් තුෂාර 27/2, ළහිරු සමරකෝන් 39/4, වනිඳු හසරංග 40/2)

දඹුල්ල පන්දුවාර 37.4 කදී කඩුලු 3 කට ලකුණු 219 යි (අභිෂේක් ලියනාරච්චි 43, මිනෝද් භානුක 104, ලසිත් අබේරත්න 28*, වනිඳු හසරංග 21*)

තරග තීරකවරයා වූ බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා අතින් මිනෝද් භානුක තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින්. 

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest