slc
logo
Home   |    News
මාර්තු 15, 2023
යොවුන් ක්‍රීඩක රන්මිත් රාගම අපේක්ෂා ඉහළ දමයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රාගම ක්‍රිකට් සමාජයේ රන්මිත් ජයසේන වාර්තා කළ ලකුණු 139 හේතුවෙන් එම සමාජය පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් වාර්තා කිරීමට සමත් විය.

කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) පිටියේ පැවැති එම අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, රාගම ක්‍රිකට් සමාජයේ පළමු කඩුලු හතර ලකුණු 46ක් තුල දවා ගෙන තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ වූවේය. එහෙත් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි රන්මිත් ජයසේන එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් දැක්වූ ප්‍රහාරය හේතුවෙන් රාගම පිලේ ලකුණු පුවරුව ශක්තිමත් වූවේය.

කොළඹ සාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි රන්මිත් ජයසේන පන්දු 217කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 15ක් තම ඉනිමට එක්කළ අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 64. 06ක් ලෙස රඳවා ගත්තේය. රන්මිත් ජයසේන හා ඩිලෝන් පීරිස් අතර 6වැනි කඩුල්ලට ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, ඩිලෝන් පීරිස් පන්දු 103කට මුහුණදී හතරේ පහර 3ක් සමග ලකුණු 43ක් ලබා ගත්තේය.

කල්හාර සේනාරත්න හා රන්මිත් ජයසේන අතර 8 වැනි කඩුල්ලට ලකුණු 104ක සම්බන්ධතාවක් ගොඩනැගී සිටියදී කවිදු පතිරත්නගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රන්මිත් ජයසේන දැවී ගියේය. තරගයේ පළමු දිනය නිමා වෙද්දී කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 52ක් හා සශික දිල්ෂාන් නොදැවී ලකුණු 1ක් ගෙන සිටියහ.

ටැමිල් යූනියන් පිල වෙන්වෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ යාපනය මැදි විදුහලෙන් බිහිවූ විජේකාන්ත් වියෙස්කාන්ත් ලකුණු 85කට කඩුලු 3ක් හා මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් බිහිවූ නවීන් ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් බිද හෙලීමට සමත් විය.

නැගී එන ක්‍රිකට් තරු කරලියට ගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අනෙක් අවසන් පූර්ව වටයේ තරගය හෙට (16) එස්එස්සී හා මුවර්ස් අතර ආරම්භ වීමට නියමිතය.
අද ආරම්භ වීමට නියමිතව තිබූ අනෙක් අවසන් පූර්ව තරගය වන එස්.එස්.සී. කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් යැවිය නොහැකි විය. ඒ අනුව කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන මෙම තරගය හෙට නැවුම්ව තරගයක් ලෙස ඇරඹෙනු ඇත.

රාගම ක්‍රිකට් සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 302යි (ඕවර් 90) – දුලාජ් බණ්ඩාර 15, අවිශ්ක තරිදු 10, රන්මිත් ජයසේන 139, ඩිලෝන් පීරිස් 43,  කල්හාර සේනාරත්න නොදැවී 52, කවිදු පතිරත්න 16/1, දුලාජ් සුමින්ද 41/1, විජේකාන්ත් වියෙස්කාන්ත් 85/3, නවීන් ප්‍රනාන්දු 25/2, රවීන් ද සිල්වා 33/1.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee