slc
logo
Home   |    News
මාර්තු 18, 2023
ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්

sinhala editor

කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ නංවනු ලැබීය. ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් යැයි සිතය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර දිනය අවසදී කඩුලු 2 ක් ද දවා ගනිමින් තරගයේ සියලුම වාසි තම සන්තකයට නතු කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම මේ වන විට සමත්ව සිටියි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලකුණු 363 ක සම්බන්ධතාව නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි කඩුල්ලක් වෙනුවෙන් දෙවැනි හොඳම සහ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වූ සිව්වැනි ඉහළම සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

මොවුන් දෙදනො පන්දුවට පහර දෙන අවස්ථාවේදී කිසිදු අතපසුවිමක් නොවිමට වග බලා ගත් නමුත් දිනය නිමා වීමට පෙර යවන ලද පන්දුවාර 17 දී කුසල් මෙන්ඩිස් ලකුණු ලබලා ගැනීමට පෙරත් ඔෂධ ප්‍රනාන්දුව ලකුණු 16 කටත් දවා ගැනීමට සත්කාරක පන්දු යවන්නෝ සමත්වූහ.

අනපේක්ෂිත කඩුලු දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව පළමු ඉනිමේදී ලකුණු 554 ක් පසුපසින් සිටියි.

දිනයේ වඩාත් ආකර්ශණීයම සිදුවීම් වූයේ විලියම්සන් සහ නිකොලස්ගේ ද්විත්ව ශතක වාර්තා කර ගැනීම විය. පන්දුවාරයකට ලකුණු 5 කට ආසන්න වේගයකින් ලකුණු රැස් කළ මොවුන් දෙදෙනා දිවා විවේකය වන විට යවන ලද පන්දුවාර 34 දි ලකුණු 149 ක් ද දිවා ආහාරයෙන් පසු යවන ලද පන්දුවාර 26 දී තවත් ලකුණු 139 ක්ද රැස් කර ගත්හ.

ප්‍රභාත් ජයසූරිය හමුවේ කේන් විලියම්සන් ලකුණු 215 කට දැවී යද්දී නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 481 ක් ලෙසින් සටහන් විය. පන්දු 296 කින් සමන්විත වුණු විලියම්සන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 23 කින් වර්ණවත් කර තිබිණ.

ඔහුට අනගි සහායක් ලබා දුන් නිකොලස් නොදැවී ලකුණු 200 ක් ලබා ගත්තේ පන්දු 240 කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වුණු නිකලස් ද්විත්ව ශතකය වාර්තා කිරීමත් සමඟ නවසීලන්ත කණ්ඩායම ඉනිම අත්හිටුවීය.

කෙසේ වෙතත් නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ පිතිකරුවන් යුගලක් එකම ඉනිමකදී ද්විත්ව ශතක වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද අද තරගය ඉතිහාසයට එක් විය.

පළමු දිනයේදී ලකුණු 37 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් විලියම්සන් අද දිනයේදී එය ලකුණු 83 ක් තරම් ඉහළ අගයකට පවත්වාගත්තේ මෑත කාලයේ ටෙස්ට් පිතිකරණ රටාවේ කැපී පෙනෙන වෙනසකට ලක්ව තිබෙන ‘බාස්බෝල්’ රටාවට අනුගතව මෙන් විය. ඒ අනුව විලයිසන්ගෙන් සමස්ථ ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය 72.63 ක් ලෙසින් සටහන් විය.

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 123 කදී කඩුලු 4ට ලකුණු 580 යි – (කේන් විලියම්සන් 215, හෙන්රි නිකොලස් 200*, ටොම් ලේතම් 21, ඩෙවෝන් කොන්වේ 78, ඩැරල් මිචෙල් 17, ටොම් බ්ලන්ඩල් 17, කසුන් රාජිත 126/2, ධනංජය ද සිල්වා 75/1, ප්‍රභාත් ජයසූරිය 86/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 17 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 26 යි – (දිමුත් කරුණාරත්න 16*)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee