slc
Home   |    News
මාර්තු 18, 2023
ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්

sinhala editor

කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ නංවනු ලැබීය. ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් යැයි සිතය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර දිනය අවසදී කඩුලු 2 ක් ද දවා ගනිමින් තරගයේ සියලුම වාසි තම සන්තකයට නතු කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම මේ වන විට සමත්ව සිටියි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලකුණු 363 ක සම්බන්ධතාව නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි කඩුල්ලක් වෙනුවෙන් දෙවැනි හොඳම සහ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වූ සිව්වැනි ඉහළම සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

මොවුන් දෙදනො පන්දුවට පහර දෙන අවස්ථාවේදී කිසිදු අතපසුවිමක් නොවිමට වග බලා ගත් නමුත් දිනය නිමා වීමට පෙර යවන ලද පන්දුවාර 17 දී කුසල් මෙන්ඩිස් ලකුණු ලබලා ගැනීමට පෙරත් ඔෂධ ප්‍රනාන්දුව ලකුණු 16 කටත් දවා ගැනීමට සත්කාරක පන්දු යවන්නෝ සමත්වූහ.

අනපේක්ෂිත කඩුලු දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව පළමු ඉනිමේදී ලකුණු 554 ක් පසුපසින් සිටියි.

දිනයේ වඩාත් ආකර්ශණීයම සිදුවීම් වූයේ විලියම්සන් සහ නිකොලස්ගේ ද්විත්ව ශතක වාර්තා කර ගැනීම විය. පන්දුවාරයකට ලකුණු 5 කට ආසන්න වේගයකින් ලකුණු රැස් කළ මොවුන් දෙදෙනා දිවා විවේකය වන විට යවන ලද පන්දුවාර 34 දි ලකුණු 149 ක් ද දිවා ආහාරයෙන් පසු යවන ලද පන්දුවාර 26 දී තවත් ලකුණු 139 ක්ද රැස් කර ගත්හ.

ප්‍රභාත් ජයසූරිය හමුවේ කේන් විලියම්සන් ලකුණු 215 කට දැවී යද්දී නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 481 ක් ලෙසින් සටහන් විය. පන්දු 296 කින් සමන්විත වුණු විලියම්සන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 23 කින් වර්ණවත් කර තිබිණ.

ඔහුට අනගි සහායක් ලබා දුන් නිකොලස් නොදැවී ලකුණු 200 ක් ලබා ගත්තේ පන්දු 240 කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වුණු නිකලස් ද්විත්ව ශතකය වාර්තා කිරීමත් සමඟ නවසීලන්ත කණ්ඩායම ඉනිම අත්හිටුවීය.

කෙසේ වෙතත් නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ පිතිකරුවන් යුගලක් එකම ඉනිමකදී ද්විත්ව ශතක වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද අද තරගය ඉතිහාසයට එක් විය.

පළමු දිනයේදී ලකුණු 37 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් විලියම්සන් අද දිනයේදී එය ලකුණු 83 ක් තරම් ඉහළ අගයකට පවත්වාගත්තේ මෑත කාලයේ ටෙස්ට් පිතිකරණ රටාවේ කැපී පෙනෙන වෙනසකට ලක්ව තිබෙන ‘බාස්බෝල්’ රටාවට අනුගතව මෙන් විය. ඒ අනුව විලයිසන්ගෙන් සමස්ථ ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය 72.63 ක් ලෙසින් සටහන් විය.

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 123 කදී කඩුලු 4ට ලකුණු 580 යි – (කේන් විලියම්සන් 215, හෙන්රි නිකොලස් 200*, ටොම් ලේතම් 21, ඩෙවෝන් කොන්වේ 78, ඩැරල් මිචෙල් 17, ටොම් බ්ලන්ඩල් 17, කසුන් රාජිත 126/2, ධනංජය ද සිල්වා 75/1, ප්‍රභාත් ජයසූරිය 86/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 17 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 26 යි – (දිමුත් කරුණාරත්න 16*)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest