slc
logo
Home   |    News
මාර්තු 13, 2023
පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

sinhala editor

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

මෙම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් වාර්තා කළ අතර දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේදී වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු කඩුලු 7ක්, ළහිරු කුමාර කඩුලු 4ක් හා කසුන් රාජිත කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවේය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා වේග පන්දුවට වඩාත් උචිත වූ තණතිල්ලේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නිවැරදි ඉලක්කයට පන්දු යැවීම සම්බන්ධයෙන් ප්‍රසංශනාත්මකව අදහස් දැක්වූවේය.

“අවාසනාවකට අප පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් වූවත් මම හිතන්නේ සමස්තයක් වශයෙන් අපි ඇත්තටම විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළා කියලයි. කාසියේ වාසිය අපට අහිමි වුණා. එම වාසිය නැති තණකොළ වැඩි මේ වගේ තණතිල්ලක පළමු ඉනිම ක්‍රීඩා කිරීම ලෙහෙසි නෑ. නමුත් අපි ලකුණු 350 සීමාව පසු කළා. ඒ කියන්නේ පිතිකරුවන්ගේ භූමිකාව හොදින් ඉටු කළා. ඒ වගේම නවසීලන්තයට තර්ජනාත්මකව හොදින් පන්දු යැවීමට අපේ වේග පන්දු යවන්නන් සමත් වුණා. ඔවුන් නිවැරදි ඉලක්කයට පන්දු යැව්වා. අපේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළා. නවසීලන්ත පිල ඔවුන්ගේ රටේදී පැවැති මෙම තරගයෙන් වාසියක් ලබා ගත්තා. මුල් දින හතරේ අපේ පැත්තට යම් වාසියක් තිබුණා” දිමුත් කරුණාරත්න පැවසීය.

“නවසීලන්තයට එරෙහිව පෙර සංචාරවලදී අපට නවසීලන්තයේදී වැඩි යමක් කිරීමට නොහැකි වූණත් මේ තරගයේදී අපි වඩා ඉදිරියෙන් සිටියා. කණ්ඩායමේ නායකයා ලෙස මම අපේ ක්‍රීඩකයන් ගැන ඇත්තෙන්ම සතුටු වෙනවා. ඔවුන් නවසීලන්තයට හොද තරගයක් දුන්නා. කේන් විලියම්සන් හොදින් පන්දුවට පහර දුන්නා. ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. ලෝක මට්ටමේ ක්‍රීඩකයින්ට විවිධ තත්ත්වයන් යටතේ දස්කම් දැක්වීමට හැකියාව තිබෙනවා. මිචෙල් නවසීලන්තයට ශක්තියක් වුණා. ඔවුන් හොදින් පන්දුවට පහර දුන්නා” යනුවෙනි දිමුත් කියයි.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පැවැසූවේ නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී පන්දු රැකීමේ දෝෂ හේතුවෙන් තම කණ්ඩායම පසුබෑමට ලක් වූ බවය. මෙම තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය තහවුරු කළ කේන් විලියම්සන් ලකුණු 33දී දවා ගැනීමට හැකියාව තිබුණද එය වැලකී ගියේය.

“අපිට දිනන්න හොඳ අවස්ථාවක් තිබුණා, අවාසනාවට අපි පරාජිත පැත්තට යොමු වුණා. අපිට කීප වතාවක්ම දවා ගැනීමේ අවස්ථා ගිලිහුණා. අපි ඒ වැරදි අවම කර ගත යුතුයි. අපි උඩ පන්දු ඇල්ලුවා නම් ඒක වෙනම කතාවක්. එහෙනම් තත්ත්වය වෙනස්. දෙවැනි තරගයේදී මෙයට වඩා හොදින් කළ යුතුයි” නායක කරුණාරත්න පැවසීය.

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර දෙවැනි අවසන් ටෙස්ට් තරගය මේ 17 වැනිදා වෙලිංටන් හීදී ආරම්භවීමට නියමිතය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee