slc
logo
Home   |    News
මාර්තු 17, 2023
මුවර්ස් පළමු දිනයේ කඩුලු 4ට ලකුණු 137යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුලින් පන්දුවට පහරදුන් මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (16) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු දිනයේ තරගය පමාවී ආරම්භ වූ හෙයින් ඕවර් 43කට පමණක් මුහුණ දුන්නේය. මුවර්ස් ක්‍රීඩා සමාජයේ පලමු කඩුල්ල ලකුණු එකේදී දවා ගැනීමට එස්එස්සී පිලේ ආරම්භක පන්දු යැවූ කළණ පෙරේරා සමත්වූ අතර, අංක තුන පිතිකරු රසීන් රමීන් පන්දු 114කදී හතරේ පහරක් සමග ලකුණු 38ක් ලබා ගැනීමට සමත් විය.දිනය නිමා වෙද්දී ජනිස්ක පෙරේරා නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය.

නැගී එන ක්‍රිකට් තරු කරලියට ගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 137යි (ඕවර් 43)
දිනුක දිල්ෂාන් 15, රසීන් රමීන් 38, ජනිස්ක පෙරේරා නොදැවී 60, රසික වීරසූරිය 15 ( කළණ පෙරේරා 37/2, චමිදු වික්‍රමසිංහ 14/1, නිම්නක ජයතිලක 18/1)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest