slc
logo
Home   |    News
මාර්තු 10, 2023
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජවය පෙන්වති

sinhala editor

ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මෙම දක්ෂතාව ප්‍රධාන කොට දෙවැනි දිනට තරගය නිමා කරන විට නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 162 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියහ.

හෙග්ලි ඔ්වල් පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමට නම් නවසීලන්ත පිලට තවත් කඩුලු 5 ක් ඇතුළත ලකුණු 193 ක් ලබා ගත යුතු වේ. ගැටලුවට හේතු වන්නේ නවසීලන්ත පිලේ නම් දැරූ පිතිකරුවන්ගෙන් ඉතිරිව සිටින්නේ ඩැරල් මිචෙල් පමණක් වීමය. දවස අවසන් වන විට මිචෙල් පන්දු 89 කට මුහුණ දී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 40 ක්ද මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 9 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමා කිරීමෙන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත පිල වෙනුවෙන් ලකුණු 67 ක් පළමු කඩුල්ල වෙුනවෙන් එක් කිරීමට ටොම් ලෙතම් සහ ඩෙවෝන් කෝන්වේ සමත් වුවත්, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව ලකුණු 10 ක් ඇතුළත තරගය කණ පිට පෙරළූහ. ඒ නවසීලන්තය සතු වටිනාම කඩුල්ල වන කේන් විලියම්සන්ගේ ඉනිම පන්දු 11 කට සීමා කරමිනි.

ලකුණු 67 කට කිසිවකු නොදැවී තිබූ ඉනිම ලකුණු 77 වන විට කඩුලු 3 ක් දක්වා පරිවර්තනය කළේ ළහිරු කඩුලු 2 ක් සහ අසිත කඩුල්ලක් දවා ගනිමිනි. විලියම්සන්ට අමතරව කෝන්වේ සහ හෙන්රි නිකොල්ස්ද දැවී ගිය පිතිකරුවන් අතරට අයත් විය.

යෝකර් පන්දුවකින් කෝන්වේව දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වද්දී ළහිරු කුමාර විසින් විලියම්සන්ගේ කඩුල්ල දවා ගත්තේය. ශ්‍රී ලංකා පිලට නව ජවයක් එකතු වුණු කඩුල්ලක් ලෙසින් විලියම්සන්ගේ කඩුල්ල සඳහන් කළ හැක. කුමාරගේ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී එය කරුණාරත්නගේ පරෙස්සමට රැක ගත්තේය.

පෙරමුණ බිඳ වැටුණු නවසීලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේ ටොම් ලේතම් වන අතර ඔහු තරගය අවසන් වීමට පන්දුවාර හෝරාවකට අඩු කාලයක් තිබියදී දැවී ගියේය. දැවී යන විටත් තම 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට වමත් පිතිකරුවා සමත්වී සිටියේය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුලු 2 ක බැගින් දවා ගනිද්දී කසුන් රජිත එක් කඩුල්ලක් දවා ගත්තේය.

අද උදෑසන පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 50 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගත්තේය. ඊයේ නතර කළ තැනින් අද දිනය ආරම්භ කළද ධනංජය ද සිල්වාට රැස් කරගත හැකි වූයේ ලකුණු 07 ක් පමණි. මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ධනංජය ලකුණු 46 කට දැවී ගියද අවසන් පිතිකරුවන් සිවු දෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 39 ක් එක් කළහ. කෙසේ වෙතත් උදෑසන දැවි ගිය කඩුලු 5 න් කඩුලු 2 ක් සමව දවා ගැනීමට මැට් හෙන්රි සහ ටිම් සවුති සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මෙම පන්දු යවන්නන් දෙදෙනා සිය පන්දු යැවීම නිමා කළේ පිළිවෙළින් ලකුනු 64 කට කඩුලු 5 ක සහ ලකුණු 80 ට කඩුලු 4 ක් වශයෙනි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee