slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2023
චන්දිමාල්ගේ ශතකයත් සමග ගෝල් පිල කැන්ඩි පරාජය කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කැන්ඩි පිලට එරෙහිව දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ ශතකයත්  පසිඳු සූරියබණ්ඩාරගේ පිත්තෙන් ශතකයට ඔන්න මෙන්න තිබියදී වාර්තා වූ ලකුණු 98 හේතුවෙන් ගෝල් පිලට ලකුණු 79ක ජයක් හිමි වූවේය. තරගාවලියේ අවසන් තරගයට සහභාගී වූ ගෝල් පිල මෙම ජයග්‍රහණයත් සමග ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටීමට සමත්ව සිටී.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ( 1) පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි පිල මුලින් පන්දුවට පහරදීමට ගෝල් පිලට ආරාධනා කළ හෙයින් ඔවුන්‍ගේ කඩුළු 5ක් දැවී ලකුණු 268ක් වාර්තා විය. ලකුණු හඹාගොස් ජය වාර්තා කිරීමට පිටියට පිවිසි කැන්ඩි ක්‍රීඩකයෝ සියල්ලන් ලකුණු 189කට දැවී ගියේ අකිල ධනංජයගේ හා අසංක මනෝජ්ගේ පන්දු ඉදිරියේ අසරණ වෙමිණි. අකිල ලකුණු 27කට කඩුලු 3ක් හා අසංක ලකුණු 28කට කඩුලු 4ක් දවා ගෙන ගොල් බලාපොරොත්තු ඉහළ නැංවූහ.

දිනේෂ් චන්දිමාල් නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියට එක්වී සුපුරුදු දස්කම් අතරට පැමිණියේය. ඔහු කැන්ඩි පිලේ පන්දු යවන්නන් තුට්ටුවකට හෝ මායිම් නොකොට නොදැවී ලකුණු 111ක් රැස්කර ගැනීමට සමත් වූයේ ගෝල් ආරම්භක පිතිකරු ලෙස පිටියට එක්වීමෙනි. චන්දිමාල් පන්දු 146කට මුහුණදී හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් එල්ල කොට මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළේය. ඔහු සමග එක්වූ අංක 4 පිතිකරු පසිඳු සූරියබණ්ඩාර ශතකය ලකුණු 2ක් අඩුව තිබියදී ලකුණු 98කට දැවීගිය අතර, පන්දු 104කට මුහුණදී හයේ 4ක් හා හතරේ 7ක් එල්ල කිරීමට සමත් විය.

චන්දිමාල් හා පසිඳු අතර තෙවැනි කඩුල්ලට ලකුණු 189කත සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර එය කැන්ඩි පිලට මේ තරගයේ අත්විදින්නට වූ එකම හිසරදය වූවේය. ගෝල් නායක රමේෂ් මෙන්ඩිස් ඉනිම අවසන් කිරීමට ඕවර් 6ක් පමණ තිබියදී පිටියට පිවිසි අතර, ඔහු පන්දු 24කදී හයේ පහර දෙකක් හා හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 15කදී හයේ 3ක් හා හතරේ 4ක් එල්ල කරමින් වේගවත් ලකුණු 36ක් ලබා සිටියදී දවා ගැනීම අවාසිදායක විය. ඔෂධ ප්‍රනාන්දු පන්දු 71කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමග ලකුණු 60ක් ලබා ගත්තේය. කැන්ඩි පිතිකරුවන් 7ක්ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දවා ගැනීමට ගෝල් පන්දු යවන්නන් සමත්වූ අතර, වනුජ සහන් හා අම්ෂි ද සිල්වා පිළීවෙලින් ලකුණු 17ක් හා 22ක් ලබා ගැනීමට සමත් වූහ.

ගෝල් – කඩුලු 5ක් දැවී ලකුණු 268යි (ඕවර් 50)
සොහාන් ඩී ලිවේරා 10, දිනේෂ් චන්දිමාල් නොදැවී 111, පසිඳු සූරියබණ්ඩාර 98, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42 ( වනුජ සහන් කුමාර 49/2, නිපුන් රන්සික 56/1, අම්ෂි ද සිල්වා 44/1, තනුක දාබරේ 45/1)

කැන්ඩි – සියලු දෙනා දැවී ලකුණු 189 (ඕවර් 35.4 )
නිරෝෂන් දික්වැල්ල 36, ඔෂධ ප්‍රනාන්දු 60, වනුජ සහන් කුමාර 17, අම්ෂි ද සිල්වා 22 ( අකිල ධනංජය 27/3, අසංක මනෝජ් 28/4, රමේෂ් මෙන්ඩිස් 24/1, ධනංජය ලක්ෂාන් 22/1, ප්‍රවීන් ජයවික්‍රම 34/1)

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee