slc
Home   |    News
අප්‍රේල් 2, 2023
දුර්වල පිතිහරඹය යොවුන් පිලේ හරහට හිටියි

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර අද (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිළ අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඇෆ්ගනිස්තානු යොවුන් කණ්ඩායම ජය ගත්තේය.

කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක ෂෙවෝන් ඩැනියල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද ශ්‍රී ලංකා ඉනිම 36 වැනි පන්දුවාරය අවසන්වීමට මත්තෙන් නිමා කිරීමට ඇෆ්ගනිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. එම පහසු ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානු කණ්ඩායම 33 වැනි පන්දුවාරයේ 3 පන්දුවට ජයග්‍රහණය සනාථ කරන විටත් කඩුලු 6 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

මෙම හඹා යෑමේදී පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේදීම දවා ගැනීමට විශ්ව ළහිරු සමත්විය. පෙරළා ආ උඩපන්දුවක් ඔහු විසින් රැක ගන්නා විට ටරකිල් එක් ලකුණකට පිටියෙන් ඉවත් විය. අභියෝගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් නොතිබීම නිසා පන්දු යවන්නන්ට මෙහිදී කළ හැකි කිසිවක් නොවීය. ඒ අතරින් වාසිය තමන් වෙතට හරවාගත් ඇෆගනිස්තානු පිලේ මැද පෙළින් පැමිණි නුමන් ෂා පන්දු 67 කදී වේගවත් ලකුණු 72 ක් ලබා ඇෆ්ගනිස්තානු පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරගමන් කරුවා බවට පත්වූවේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණු ෂාගේ ඉනිම හැරෙන්න ට එම ඉනිමේ කැපී පෙනන යමක් නොවීය.

දෙවැනි පන්දුවාරයේදීම විෂේන් හැළඹගේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර නායක ඩැනියල් සහ සිනෙත් ජයවර්ධන මුලු ලකුණු සංඛ්‍යාව 23 දී දැවී යෑම ශ්‍රී ලංකා ඉනිම කබලෙන් ලිපට වැටුණු සිදුවීමක් විය. කඩා වැටුණු ආරම්භය යළි සකස් කර දීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ෆරිඩූන් දවොදසායි සහ කම්රන් හොතක් ප්‍රමුඛ ඇෆ්ගනිස්තානු යොවුන් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිලේ කඩුලු එකින් එක දවා ගත්හ.

මැද පෙළින් පනන්දුවට පහර දෙන දිනුර කලුපහනද ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියේ මුලු සංඛ්‍යාව 28 ක් තිබියදීය. 8 වැනි පන්දුවාරය වන විට කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම දවා ගැනීමෙන් උද්දාමයට පත් ඇෆ්ගන් පන්දු යවන්නෝ ග්‍රහණය දැඩි කිරීම හැර ශ්‍රී ලංකාව හමුවේ බුරුලක් ලබා නොදුන්හ. ‌

ශ්‍රී ලංකා පිලේ පළමු පිතිකරුවන් 8 දෙනා අතරින් ලකුණු 15 සීමාව ඉක්මවා ලීමට සමත්වූයේ හිරාන් ජයසුන්දර (21) සහ චමත් ගෝමස් (16) පමණි. මෙම තත්ත්වය මත පළමු කඩුලු 8 ම ලකුණු 86 කදී බිඳ වැටී විටෙක ලකුණු 100 සීමාවද ඉක්මවා යෑම අසීරු තත්ත්වයක ශ්‍රී ලංකා පිල පසුවිය. කෙසේ වෙතත් පන්දු යවන්නන් ලෙසින් එක්ව සිටින අවසන් පිතිකරුවන් තිදෙනා වූ විහස් තෙව්මික (33), දුවිදු රණතුංග (28) සහ විශ්ව ළහිරු (13*) තිදෙනා එක්ව ලකුණු රැස් කිරීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 161 ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 36.5 කදී සියලු දෙනා දැවී ලකුණු 161 යි – (විහස් තෙව්මික 33, දුවිඳු රණතුංග 28, විශ්ව ළහිරු 13*, හිරාන් ජයසුන්දර 21, චමත් ගෝමස් 16, ෆරිඩූන් දවොදසායි 30/3, කම්රන් හොතක් 26/3, ඛලීල් අහමඩ් 35/1,යමා අරාබ් 36/2, මොහොමඩ් හරූන් 17/1)

ඇෆ්ගනිස්තානු යොවුන් පිල පන්දුවාර 32.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 162 යි – (නුවන් ෂා 72*, අලී අහමඩ් 25*, ජම්ෂිඩ් සද්‍රාන් 22, හසබුල්ලා ඩොරනි 19, මොහොමඩ් හරූන් 18, විශ්ව ළහිරු 19/1, විහස් තෙව්මික 31/1, තීරක රණතුංග 14/1, දිනුර කලුපහන 27/1)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest