slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2023
අවසන් අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිළිහෙයි

sinhala editor

විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අවසන් අවස්ථාව වූ ක්වින්ස්ටවුන් නුවරදී අද පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4  ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.

කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 73 ක අනර්ඝ ඉනිම මත ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණ 182 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දුවක් ඉතිරිව තිබියදී අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වූහ. අවසන් පන්දුවාරයේදී ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය ඇතිව පන්දුව භාර ගත් ළහිරු කුමාරගේ පළමු පන්දුවට මාක් චැප්මන් විසින් හයේ පහරක් එල්ල කළද ඉතිරි පන්දු තුනේදී චැප්මන් ඇතුළු පිතිකරුවන් දෙදෙනකු පිට පිට පන්දු 3 කදී දැවී යෑම නිසා තරගය යළිත් ශ්‍රී ලංකාවට විවෘත විය. මෙම කඩුලු 3 දැවී යෑමේදී ‌ජිමී නිශම් දුවද්දී දැවී ගියත් ළහිරු කුමාරගේ පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් ලෙස සටහන් විය.

පන්දු 3 කදී ලකුණු 3 ක් ලෙස සටහන්ව තිබියදී ළහිරු කුමාර විසින් යවන ලද පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට ගොස් නැවතත ලබා දෙන අවස්ථාවේදී ළහිරු කුමාරට හරියාකාරව එය රැක ගැනීමට නොහැකිවීම නිසා සිව්වැනි කඩුල්ල දවා ගැනීමේ තිබූ අවස්ථාව මඟ හැරිණ.

එම ඉලක්කය හඹා යෑමේදී දැවැන්ත කාර්යය භාරයක් කළ ටීම් සීෆර්ට් පන්දු 48 කදී ලකුණු 88 ක් ලබා ගත්තේ පසුපෙළට පීඩනය අඩු කරමිනි.  සීෆර්ට්ගේ ඉනිම හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

බෝව්ස් සමඟ ලකුණු 53 ක සම්බන්ධතාවක් පැවැත්වූ සීෆර්ට් නායක ලෙතම් සමග ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා නවසීලන්ත කණ්ඩායමට ඉලක්කය පහසු විය. එය පන්දු සහ ලකුණු වලින් සඳහන් කළහොත් පන්දු 23 කදී ලකුණු 29 ක් විය.

10 වැනි පන්දුවාරය වන විට ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක දැවී යන විටත් ශ්‍රී ලංකා පිල ලකුණු 76 ක් ලබා සිටියේය. වේගවත් ඉනිමක් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළත් කඩුල්ල ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක පන්දු 25 කදී රැස් කරගෙන සිටියේ ලකුණු 25 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දු වාරයේදී පිතිකරුවන් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 03 ක් පමණක් වීමේ වාසිය නවසීලන්ත පිල සතුවිය. එම පන්දුවාරයේදී පන්දු 6 දී ශ්‍රී ලංකා පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 යි  – (පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 73, කුසල් පෙරේරා 33, ධනංජය ද සිල්වා 20, දසුන් ශානක 15, බෙන් ලිස්ටර් 37/2)

නවසීලන්තය පන්දුවාර 19.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 183 යි – (ටිම් සීෆර්ට් 88, චැඩ් බෝව් 17, ටොම් ලේතම් 31, ඩැරල් මිචෙල් 15, මාක් චැප්මන් 15, ළහිරු කුමාර 38/3, මහීෂ් තීක්ෂණ 22/1, ප්‍රමෝද් මදුශාන් 38/1)

Active filters

Recent Posts

  • පන්දුවක් ඉතිරිව තිබියදී රෙඩ්න් ජය වාර්තා කරයි 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියේ මැයි 04 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එස්.එල්.සී. රෙඩ්ස් සහ එස්.එල්.සී. ග්‍රීන් අතර තරගයෙන් […]
  • ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘හරසර‘
    ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  •  සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු […]
  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee