slc
logo
Home   |    News
මැයි 3, 2023
දක්ෂතම ක්‍රීඩකයාගේ නිර්දේශිතයන් අතරට ජයසූරියගේ නමත්

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අප්‍රේල් මසට අදාළව නම් කරනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නම් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියගේ නමද ඇතුළත්ව තිබේ.

අන්තර්ජාතික තරග වලදී විශේෂ දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩකයින් වෙනුවෙන් සෑම මාසයකදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා ජයසූරියට අමතරව පාකිස්තානු පිතිකරු ෆකාර් සමාන් සහ නවසීලන්ත පිතිකරු මාක් කැම්ප්මන් ද ඇතුළත්ව සිටිති.

නිමාවට පත් වුණු අප්‍රේල් මාසයේදී අයර්ලන්ත පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 2 ටම ක්‍රීඩා කළ ජයසූරිය කඩුලු 17 ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලද වමත් දඟ පන්දු යවන්නා එම තරගයේදී ලෝක වාර්තාවකටද හිමිකම් කීය.

අයර්ලන්ත පිලේ උප නායක පෝල් ස්ටර්ලිංග්ගේ කඩුල්ල දවා ගත් ජයසූරිය, අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවාකදී කඩුලු 50 සීමාව වේගයෙන්ම ඉක්මවාලූ දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාවද සියතට ගැනීමට සමත්විය. ඔහු එම දක්ෂතාව දක්වන ලද්දේ තමන් ක්‍රීඩා කරන ලද 7 වැනි ටෙස්ට් තරගයේදීය. ඊට අමතරව ඔහු ලොව දෙවැනියට වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නන් වන වර්නන් පිලෙන්දර් සහ ටොම් රිචර්ඩ්සන් සමඟ ද සම තැන් ගත්තේ ශ්‍රී ලංකාවේ එවැනි දස්කමක් දක්වන වේගත්ම පන්දු යවන්නා බවටද පත් වෙමිනි.

ප්‍රභාත් අදාළ සම්මානය සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර එනම් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා මත ජූලි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමටද සමත්විය. එම මසදී ඔහු ටෙස්ට් තරග 3 කදී කඩුලු 29 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවේය.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee