slc
Home   |    News
මැයි 2, 2023
දෙවැනි එක්දින තරගයත් වර්ෂාවට සේදෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද (02 දා) ‌කොළඹ පී. සරා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයත් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය.

පෙර දින රාත්‍රියේ සිටම ඇද හැළුණු වර්ෂාව අද උදෑසන කාලයේ සිටම අඛණ්ඩව පැවැති නිසා තරගය ප.ව. 12.00 ට අත හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තත්ත්වය මත දෙපිළම අද තරගය ක්‍රියාත්මක පී, සරා ඔ්වල් පිටියට පැමිණීමට වැළකී සිටියහ.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයත් වර්ෂාව නිසා පන්දුවාර 36.4 කට සීමා වීය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු 6 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියහ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්වනු ලබන පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන මෙම තරගාවලියේදී තරග 2 ම විසදුමකින් තොරව අවසන් වීම නිසා ශ්‍රී ලංකා පිලට ප්‍රසාද ලකුණු 02 ක් හිමිවිය. කෙසේ වෙතත් මෙතෙක් තරගාවලියේ තරග 8 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල ලබා ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණක් බැවින් ඔවුන් ලබා සිටින මුලු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 ක් වේ. ඒ අනුව ශ්‍රී ලංකාව එම ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේය.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරග 3 බැගින් වූ තරගාවලි 8 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. 2025 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබන්නේ සත්කාරක ඉන්දියානු කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 6 වේ. ඒ අනුව යම් කණ්ඩායමක් ප්‍රසාද ලකුණු පුවරුවේ හත්වැනි ස්ථානයට පහළින් මූලික වටය අවසන් කරන්නේ නම් 2025 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සුදුසුම් සපුරාලන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරමින් දක්වන දක්ෂතා මත පදනම්වය.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest