slc
Home   |    News
මැයි 2, 2023
ශ්‍රී ලංකා කාන්තා පිලේ එංගලන්ත තරග සංචාරයේ කාල සටහන එළියට

sinhala editor

මෙම වසරේ අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ නිල තරග කාල සටහන නිකුත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෛ තිබේ.

2025 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින් සැප්තැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට එක්දින තරග 3 ට අමතරව විස්සයි-20 තරග 3 ක් ද ඇතුළත්ව තිබේ.

විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 31 වැනිදා සෙන්ට්‍රල් කවුන්ටි ක්‍රීඩාංගයේදීත් දෙවැනි තරගය සැප්තැම්බර් 02 වැනිදා ක්ලවුඩ් කවුන්ටි ක්‍රීඩාංගණයේදීත් සහ තෙවැනි සහ අවසන් තරගය සැප්තැම්බර් මස 06 වැනිදා ඉන්කොරා කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට එම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී බංග්ලාදේශ කාන්තා පිල සමග තරග වදිමින් සිටින අතර එහි පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය. දෙවැනි එක්දින තරගයද එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වුවත් දෙරටේ සාකච්ඡා සාර්ථකවීම නිසා නැවතත් මැයි 04 වැනිදා දෙවැනි එක්දින තරගය යළි පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

මේ දක්වා සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 7 කට ක්‍රීඩා කොට එක් තරගයක් ජය ගනිමින්ද තවත් තරගයක් විසඳුමකින් තොර වීම නිසා ප්‍රසාද ලකුණු 03 ක් ලබා එම ප්‍රසාද ලකුණු සටහනේ 08 වැනි ස්ථානයේ පසුවන්නේය.

තරග කාල සටහන

  • අගෝස්තු 31 – පළමු විස්සයි-20 තරගය
  • සැප්තැම්බර් 02  – දෙවැනි විස්සයි-20 තරගය
  • සැප්තැම්බර් 06 – තෙවැනි විස්සයි-20 තරගය
  • සැප්තැම්බර් 09 – පළමු එක්දින තරගය
  • සැප්තැම්බර් 12 – දෙවැනි එක්දින තරගය
  • සැප්තැම්බර් 14 – තෙවැනි එක්දින තරගය

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest