slc
logo
Home   |    News
මැයි 28, 2023
මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූහ.මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල පිලට එරෙහිව මහනුවර කලාප 2 කණ්ඩායම ලකුණු 229 ක ජයක්ද වාර්තා කළහ. මීට අමතරව අද පැවැති අනෙක් තරගය වූ පොලොන්නරු පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට  කුරුණෑගල කලාප 2 කණ්ඩායම සමත්විය.

පෞද්ගලික දක්ෂතා අතර පුත්තලම් කණ්ඩාමේ විශ්ව රාජපක්ෂ ශතකයක් (138) ක් වාර්තා කරද්දී කුරුණෑගල කණ්ඩායමේ පසිඳු මේනක (74) සහ අමේෂ් තෙන්නකෝන් (77) ඉනිම අත්හිටුවා සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත්වූහ.

ශතක ලාභී විශ්ව රාජපක්ෂ පන්දු 87 කට මුහුණ දෙමින් ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 11 ක් එල්ල කළේය. මීට අමතරව පසු පෙළින් පැමිණි මෙනූෂ පෙරේරා පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලලකුණු 58 ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගවත් ‌කළේය. මෙම දක්ෂතා ප්‍රධාන කොට පන්දුවාර 49.4 කදී ලකුණු 368 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට පුත්තලම් කණ්ඩායමට හැකියාව ලැබිණ.

මේ අතර මහනුවර කලාප 2 කණ්ඩායම රැස් කරන ලද ලකුණු 304 න් ලකුණු 41 ක්ම ප්‍රතිවාදී කෑගල්ල කණ්ඩායමෙන් ලැබුණු අතිරේක ලකුණු විය. එහිදී කඩුලු රකින්නා අතින් ලකුණු 15 ක් ගිලිහෙද්දී වයිඩ් පන්දු 22 ක්, පා ලකුණු 2 ක් සහ නිපන්දු 2 කින් ඉතිරි අතිරේක ලකුණු සමන්විත විය.

 පුත්තලමට ලකුණු 264 ක ජයක්

පුත්තලම කණ්ඩායම පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 368 යි – (විශ්ව රාජපක්ෂ 138 මලීෂ නෙසිත 14, තිසර මදුශාන් 49, දසුන් පෙරේරා 25, චතුමල් නිමේෂ් 17, මෙනූෂ පෙරේරා 58, නිමේෂ් මදුශංක 18, යසොත් සංකලන 88/3, සිතිජ ගීත් 47/2, තිලින චන්දීප 49/2)

අනුරාධපුර පන්දුවාර 20.5 කදී සියලු දෙනා දැවී ලකුණු 104 යි – (තීක්ෂණ වීරසිංහ 13, සඳුන් රත්නායක 46, තිලින චන්දීප 11, යසොත් සංකලන 13, සුහද ප්‍රනාන්දු 16/2, චතුමල් නිමේෂ් 28/4)

 

මහනුවර කලාප 2 පිලට ලකුණු 229 ක ජයක්

මහනුවර කලාප 2 පන්දුවාර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 304 යි – (කවිදු ෂෙහාන් 33, දිනෙත් අබේසේකර 72, මොහොමඩ් අකිල් 10, ඉඳුවර ගලපිටගේ 29, තිසර ඒකනායක 26, රයන් අන්තෝනියස් 20, නිම්නද සොයිසා 50*, තරිදු කපුකොටුව 23*, චමෝද් භානුක 35/2, තනුජ සම්පත් 18/2)

කෑගල්ල පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 75 යි – (දෙනුවන් මෙත්සර 13, තනුජ සම්පත් 19, කවීෂ පියුමාල් 24/5, නිම්නද සොයිසා 11/2, තිසර ඒකනායක 22/2)

 

කුරුණෑගල කලාප 2 ට කඩුලු 9 ක ජයක්

පොලොාන්නරුව පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 228 යි – (ජිනජිත් දුල්මික 93, සසිඳු රශ්මික 10, කලන දුල්ශිත 28, මතීෂ යෙහෙනිත් 17ල මදුරංග ජයලත් 25, සොනාල් අශ්වින් 35, ගයන වීරසිංහ 29/2, දිමත් අබේසිංහ 26/3)

කුරුණෑගල කලාප 2 පන්දවාර 35.1 කදී කඩුල්ලක් දැවී ලකුනු 230 යි – (පසිඳු මේනක 74, අමේෂ් තෙන්නකෝන් 77, ගයන වීරසිංහ 34*, තිවංක පබසර 14)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee