slc
logo
Home   |    News
ජූනි 4, 2023
ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්

sinhala editor

ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට කඩුලු පහක ජයක් අත්විණි.

සරවනමුත්තු පිටියේ පැවැති ගුවන් හමුදා චිලව් මේරියන්ස් තරගයෙන් ගුවන් හමුදාව පහසු ජයක් ලැබුවේ කඩුලු හයකිනි. මේ අතර යුද හමුදාව සහ පාණදුර අතර තරගයත් එන්.සී.සී. – පොලීසිය අතර තරගයත් මෙදින පැවැත්වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය හරස්වීමෙන් විසඳුමකින් තොරව එම තරග දෙකම නිමාවට පත්විණි.

නිගම්බු රැස් කළ ලකුණු 130ක ප්‍රමාණය හඹා යද්දී ගෝල් නායකයා (ඕෂද) දෙවන කඩුල්ලට විශ්ව විජේරත්න (14) සමඟ පන්දු 30කදී ලකුණු 29ක් ද හයවන කඩුල්ලට ඉන්සක සිරිවර්ධන (නොදැවී 09යි) සමඟ පන්දු 54කදී නොදැවී ලකුණු 51ක සබඳතාවයක් ද තබමින් ජයග්‍රහණ සීමාව ඉක්ම වූයේ සිය ඉනිමේ තවත් පන්දු නවයක්ම ඉතිරිව තිබියදීය.

ගෝල් වෙනුවෙන් ෂානුක ගලගොඩ පන්දු 7කදී හතරේ තුනක් සමඟ ලකුණු 14ක් ද විශ්ව විජේරත්න පන්දු 18කදී හතරේ දෙකක් සමඟ ලකුණු 14ක් ද ඉන්සක සිරිවර්ධන පන්දු දහයකදී නොදැවී ලකුණු නවයක් ද රැස් කළහ.

නිගම්බු වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ජීවක රශ්මික පන්දු 32කදී හතරේ හයක් හයේ පහරක් සමඟ ලකුණු 40ක් ද ඉරෝස් ප්‍රනාන්දු පන්දු 28කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 30ක් ද රැස් කළහ. මොවුනගේ හයවන කඩුල්ලට ජීවක රශ්මික සහ සචිඳු කොළඹගේ (12) රැස් කළ ලකුණු 49 කණ්ඩායමේ වැඩිම සබඳතාවය වේ.

නිගම්බු කඩුලු 9ට 130 (පන්දු වාර 20යි) – (ජීවක රශ්මික 45, ඉරෝස් ප්‍රනාන්දු 30, හිමාෂ ලියනගේ 20, සචිඳු කොළඹගේ 12, හංසමාන ද සිල්වා 17/3, තරිඳ ගුරුගේ 24/2)

ගෝල් කඩුලු 5ට 134 (පන්දු වාර 18.3යි) – (ඕෂද ප්‍රනාන්දු නොදැවී 72, ෂානුක ගලගොඩ 14, විශ්ව විජේරත්න 14, ඉන්සක සිරිවර්ධන නොදැවී 09, සචිඳු කොළඹගේ 19/3යි)

 

  • ගුවන් හමුදාව කඩුලු හයකින් චිලව් මේරියන්ස් පරාජය කරයි

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් වූ මේ තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 154 හඹායාමේදී ගුවන් හමුදා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 54ක් ද කෙමිර විජේනායක ලකුණු 35ක් ද ලැබීම මත ඔවුනට පහසු ජයග්‍රහණයක් ආසන්නයටම ළඟාවීමට අවස්ථාව උදා විණි.

ආදිත්‍ය සිරිවර්ධන පන්දු 45කදී හතරේ පහක් සමඟ ලකුණු 54ක් ද කෙමිර විජේනායක පන්දු 37කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 35ක් ද අංක තුන පිතිකරු මධුශංඛ ප්‍රේමරත්න පන්දු 21කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 37ක් ද රැස් කළහ. මොවුනගේ මුල් විකට්ටුවේ සබඳතාව පන්දු වාර 16.2කදී 127කි.  චිලව් මේරියන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීයා වූ චමෝද් සඳරු පන්දු 38කදී හතරේ හතරක් හයේ තුනක් සමඟ නොදැවී ලකුණු 53ක් රැස් කළේය.

චිලව් මේරියන්ස් කඩුලු 7ට 154 (පන්දු වාර 20යි) – (චමෝද් සඳරු නොදැවී 53, දමිත් සිල්වා 40, පුලින තරංග 32, ළසඳ රුක්මාල් 26/3, ප්‍රවීන් ද සිල්වා 29/2යි).

ගුවන් හමුදාව කඩුලු 4ට 156 (පන්දු වාර 19.3යි) – (ආදිත්‍ය සිරිවර්ධන 54, මධුශංඛ ප්‍රේමරත්න 37, කෙමිර විජේනායක 35, කවිඳු නිර්මාණ 36/4යි).

 

  • යුද හමුදා – පාණදුර තරගයේ විසඳුමක් නැ.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ‘ඒ‘ කොටසට අයත් මේ තරගයේදී පන්දු වාර 4.4ක් යවන විට වර්ෂාව පතිත වූයෙන් තරගය නතර කැරිණි.

පානදුර කඩුලු 2ට 55 (පන්දු වාර 4.4යි) – (රිසික දවටගේ නොදැවී 17, සිනෙත් ජයවර්ධන 21, ගයාන් චන්ද්‍රබෝස් 17/1, හෙෂාන් හෙට්ටිආරච්චි 7/1යි)

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee